ඉන්ධන නෑ.. මේ සතියේත් පාසැල් වසා දැමේ…
කොළඹ සහ ආසන්න නගර ආශ්‍රිතව පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට සිට ජුලි 01 දක්වා වූ සතිය තුල වසා දැමීමට රජය තීරණය කර තිබේ.
සෙසු පාසල් එම කාලය තුල ගිය සතියේ පැවැත් වූ ආකාරය ප්‍රවාහන අපහසුතා නොපවතී නම් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා දිනවල පවත්වන ලෙස දැනුම් දී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සතිය තුලද ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍යංශය විසින් කල දැනුම් දීම මතයි.
ඉන්ධන නෑ.. මේ සතියේත් පාසැල් වසා දැමේ…
2022-06-26T22:15:00+05:30
Gossip Lanka Hot News







