තුප්පහි දේශපාලනයක්...පුටින්ට කතා කරන්න බැරි කටේ පිට්ටු හිරවෙලා ද?- වාසු ජනපතිගෙන් අසයි
ලෝකයේ අනෙක් රටවල නායකයන් ට කතා කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුසියාවේ ජනාධිපති පුටින් සමග කථා නොකරන්නේ කටේ පිට්ටු නිසා දැයි විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඉන්ධන හා පොහොරෙ රුසියානු රජයෙන් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ස්වාධීන පක්ෂ 10 අවස්ථාවක් ඉල්ලුවද ජනාධිපතිවරයා ඒ සදහා වෙලාවක් ලබා නොදුන් බව ද ඔහු චෝදනා කරයි.
ජනාධිපතිවරයා පුටින් ජනාධිපතිවරයාට කතා නොකිරීමේ තේරුම දේශපාලනය බව ද අපේ රටට අවාසි සහගත වන එක පාර්ශවයනට පමණක් යටත් වන තුප්පහි දේශපාලනයක් බවත් ඔහු කියා සිටී.
තුප්පහි දේශපාලනයක්...පුටින්ට කතා කරන්න බැරි කටේ පිට්ටු හිරවෙලා ද?- වාසු ජනපතිගෙන් අසයි
2022-06-24T13:40:00+05:30
Gossip Lanka Hot News






