තෙල් ගන්න ඉල්ලපු ඩොලර් මිලියන 500ක ණයටත් හිටපු විදුලි සභාපතිගේ කතාව හරස් වෙයි! 12 වැනිදා සාකච්ජාව ඉන්දියාව දින නියමයක් නැතිව කල් දමයි!
ඉන්ධන සදහා ඉල්ලා සිටි ඩොලර් මිලියන 500 ක ණය පහසුකම පිළිබදව ඉන්දීය බළධාරීන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර ජූනි 12 වන දා පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව දින නියමයක් නැතිව කල් ගොස් ඇතැයි වාර්තා වේ.
සාකච්ඡා කල් තැබීමට, විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයද හේතු වී ඇති බව පැවසේ.
සාම්පූර් හී සූර්ය බලශක්ති විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා අදානි සමාගමට අනුමැතිය ලබා දෙන ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බල කර ඇතැයි, කෝප් කමිටුව හමුවේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා පවසා සිටියේ ය.
විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාගේ එම ප්‍රකාශය ඉන්දියාවේ කණස්සල්ලට හේතු වී ඇති බව වාර්තා වේ.
ඉන්දියාව මේ වන විට ඉන්ධන සදහා ඩොලර් මිලියන 700 ක ණය පහසුකම් සපයා තිබේ.
-mawratanews
තෙල් ගන්න ඉල්ලපු ඩොලර් මිලියන 500ක ණයටත් හිටපු විදුලි සභාපතිගේ කතාව හරස් වෙයි! 12 වැනිදා සාකච්ජාව ඉන්දියාව දින නියමයක් නැතිව කල් දමයි!
2022-06-14T12:33:00+05:30
Gossip Lanka Hot News






