නයිජීරියාවේ දේවස්ථානයකට ප්‍රහාරයක්: 50 දෙනෙක් මරුට (VIDEO)
නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ඊයේ (ජූනි 5) තුවක්කුකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රහාරයෙන් දේවස්ථානයේ සිටි බැතිමතුන් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ය.
නිරිතදිග නයිජීරියාවේ, ඔන්ඩු ප්‍රාන්තයේ, ඕවෝ නගරයේ සාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉරිදා දිනයේ බැතිමතුන් එහි එක්රැස් වූ අවස්ථාවේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මිය ගිය පිරිස අතර දරුවන් ද සිටින බව එම වාර්තාවල දැක්වේ.
වෙඩි තැබීමට අමතරවර පිපිරීම් කිහිපයක් ද එහි සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
නයිජීරියාවේ දේවස්ථානයකට ප්‍රහාරයක්: 50 දෙනෙක් මරුට (VIDEO)
2022-06-06T09:09:00+05:30
Gossip Lanka Hot News






