gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද කියන්නේ මේ රටට හෙණයක්! රනිල් කියන්නේ සාපයක්! රනිල් රාපක්ෂලාව රකින්න මේ ගහන ගේම්වල කෙළවර මහා ලේ වැගිරීමක්! කලකට පසු මහාචාර්ය විජේසූරිය එළියට එයි! (VIDEO)

මහින්ද රාජපක්ෂ හෙණයක් බවත් රනිල් වික්‍රමසිංහ සාපයක් බවත් පවසමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින්.

රනිල් වික්‍රමසිංහ යනු රාජතාන්ත්‍රික වශයෙන් විශාල පිළිගැනීමක් ඇති දේශපාලන නායකයකු පවසන මහාචාර්ය සරත් විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ඔහු සම්බන්ධයෙන් ඇති මෙම පිළිගැනීම රාජපක්ෂලා උපක්‍රමශීලිව භාවිතයට ගන්න බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ද කිසිදු ආයාසයකින් තොරව එම උපක්‍රමයට අනුකූලව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නිදසුන් කිහිපයක් පෙන්වා දුන් මහාචාර්යවරයා යහ පාලන සමයේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සමඟ ගනුදෙනු කිරීමේදී වික්‍රමසිංහ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යට හෙලි නොවූ කරුණු රැසක් ද මෙම සාකච්ඡාවේදී හෙළි කර තිබීම විශේෂත්වයක්.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙමින් පිහිටවූ නීති ව්‍යවස්ථා විරෝධී පාලනය සම්බන්ධයෙන් ඇති කරගත් ගනුදෙනුවේදී බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමක් පිළිබඳව ද සරත් විජේසූරිය මහතා මෙහිදී කරුණු හෙළි කර තිබෙනවා.

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සඳහා කටයුතු කරනු ලැබුවේ නාමල් රාජපක්ෂ මහතා සමග සිදු කර ගත් එකඟතාවයක් ඉන් අනතුරුව බව ද මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙම සාකච්ඡාවේදී හෙළි කිරීම විශේෂත්වයක්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka