රනිල් – රාජපක්ෂ දීගේ නිසා මිනිස්සුන්ට මූණ දෙන්න බෑ - UNP උපසභාපති ඉල්ලා අස්වෙයි
කුලියාපිටිය නගර සභාවේ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා (එජාප) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ.කර තිබෙනවා. පසුගිය 13 වැනිදා පැවැති නගර සභාවේ මැයි මස සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ දේශපාලන ඩීල්වලින් ජනතාව ඇන්දවීම සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීම මත මෙම තීරණය ගත් බවයි.
එකදු පාර්ලිමේන්තු අසුනක් හෝ නොමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම ඩීල් දේශපාලනය පිළිබඳ කදිම උදාහරණයක් බවද ෂෙල්ටන් වනසිංහ මහතා එහිදී පෙන්වා දුන්නා.
රනිල් – රාජපක්ෂ දීගේ නිසා මිනිස්සුන්ට මූණ දෙන්න බෑ - UNP උපසභාපති ඉල්ලා අස්වෙයි
2022-05-20T09:41:00+05:30
Gossip Lanka Hot News





