පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පත්වන නමුදු කිසිදු ඇමති ධුරයක් ලබා නොගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය අද (15) තීරණය කළේය.
රට පත්ව ඇති විනාශකාරී පසුබිම තුළ තනතුරු වරදාන වරප්‍රසාද කිසිවක් ලබා නොගෙන රජයට බරක් නොවී රජයේ කටයුතු ඉදිරියට ගෙන යෑමට සහාය දීම සඳහා මෙම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මූලික අරමුණ වී තිබෙන්නේ කඩිනමින් ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස ලබාදී දැනට තියන පෝලිම් නැති කර ඉන් අනතුරුව දිගු කාලීන, කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙළක් මගින් රට ගොඩනැගීම බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙවැනි පසුබිමක රටට ආදරය කළ යුතු සියලු පාර්ශවයන්ගේ වගකීම වනුයේ වරදාන වරප්‍රසාදවලට වඩා රට ගොඩනැගීමේ වගකීමට මූලිකත්වය දී ක්‍රියා කිරීම යැයි ඔහු සඳහන් කළේය.
දිගු කාලයක සිට කිසිදු සැලැස්මක් නොමැතිව රට ගමන් කිරීම නිසා මේ වනවිට රට ආර්ථික සමාජ හා දේශපාලනික ලෙස දැඩි පිරිහීටම ලක්ව ඇති බවත් ඒ තත්ත්වයෙන් මුදා ගැනීමට දිගු කාලයක් ගතවනු ඇති බවත් එතෙක් ජනතාවට කෙටි කාලීන සහන ලබා දිය යුතු බවත් එම ප්‍රකාශකයා කීවේය.
