gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි!

පක්ෂ මතයට පිටින් යමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබා ගත් නිමල් සිරිපාලද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා සම්බන්ධධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

එම නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබෙන්නේ වර්තමාන රජය තුල අමාත්‍ය දූර බාර නොගෙන පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණ සඳහා පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සහය ලබාදීමයි.

නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ එය ක්‍රියා කල යුතු ක්‍රමවේද පිලිබඳ පුලුල් විග්‍රහයක් අප රටට හා රජයට යෝජනා කරන ලදි. අදාල සංකල්පය පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂද මැතිවරණ කොමිෂන් සභාවද අදාල ක්‍රමවේදය සාදනීය ක්‍රමයක් ලෙස පිලිගත් අතර, ගරුතර මහා සංඝරත්නය,නීතීඥ සංගමය,සිවිල් සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තරය පවා පිලිගන්නා ලද යෝජනාවලියකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා සත්භාවයෙන් රට වෙනුවෙන් සංකල්පයක් ඉදිරිපත්කර තිබියදී පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හට කරුණු නොදන්වා නැවතත් සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍යදූර පිරිනැමීම හා අදාල අමාත්‍යදූර බාර ගැනීම මධ්‍යමකාරක සභාවේ හා පක්ෂයේ තීරනයට පටහැනි අතර, අදාල අමාත්‍ය තනතුරු ලබාගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් දී නොමැත.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,
හයවන විධායක ජනාධිපති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka