අරලියගහ මන්දිරියට ගෙන්වා මත්පැන් පානය කිරීමට සලස්වා ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීමට යැවූ වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් උද්ඝෝෂකයින් අතට පත් වූ විට හඬමින් කරන මේ ප්‍රකාශය මේ වනවිට ලෝක මානව හිමිකම් සංවිධානවල අවධානයට ලක් වී තිබේ.
ප්‍රහාරයට යෙදවූ එම සිරකරු පිරිස විරෝධතාකරුවන්ට හසු වූ පසු ඔවුන් පවසන කතාව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසමින් ඇත.
“ අපි අවුරුදු දෙකක් පුනරුත්ථාපන වැඩසටහනක ඉන්නෙ වටරැක බන්ධනාගාරයෙ. අපිව එක්කරගෙන යනවා වැඩ බිම්වලට. අද අපි එක්කරගෙන ආවෙ රාමනායක මහත්තයා. ජේලර් රාමනායක මහත්තයා. “
ඔහු අවසාන වශයෙන් කියන්නේ මෙසේය.
අපි වටරැක බන්ධනාගාරයෙ ඉන්නෙ. අපි හිරකාරයො…
මේ සම්බන්ධව කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක පැවසුවේ මේ සම්බන්ධව නිල ප්‍රකාශයක් අද සිදුකරන බවය.
