gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් රාජපක්ෂ ආර්ථික අර්බුදයේ වගකීම නිලධාරීන් පිට පටවයි (VIDEO)

දේශපාලනඥයින්ට ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක වෙමිනි.

ප්‍රමාණවත් ආදායමක් නොමැතිව බදු සහන ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය නිවැරදි නොවන බව ද ඔහු එහිදී පැවසීය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් අදාළ තීරණය ගනු ලැබුවේ දේශීය ව්‍යාපාර එම මුදල් ආර්ථිකයට නැවත ආයෝජනය කරන බවට වූ විශ්වාසයෙන් බව ය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විශ්වාස කළ පරිදි එය සිදු නොවූ බව ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යන ලෙස ත් රුපියල පා කරන ලෙස ත් ආර්ථික විශේෂඥයින් ලබා දුන් උපදෙස් අනුව ආණ්ඩුව කටයුතු නොකළේ ඇයි ද යන්න අදාළ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, ඒ සඳහා ද වගකිව යුත්තේ ද තීන්දු තීරණ ගන්නා නිලධාරීන් බව ය.

දේශපාලනඥයින්ට ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගත නොහැකි වීම ඊට හේතුව බව ඔහු එහිදී පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ද නිලධාරීන් වැරදි උපදෙස් ලබා දුන් බවට පිළිගෙන ඇති බව ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka