gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඊළග අගමැති තෝරා ගන්නා හැටි ජනමාධ්‍ය ඇමති කියයි

වර්තමාන අග්‍රාමාත්‍යවරයා  ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව බිහි වීමට නියමිත එකමුතු ආණ්ඩුවේ නව අගමැතිවරයා බවට පත් වන්නේ ජනාධිපතිවරයා විශ්වාස කරන ආකාරයට පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා බවත් මේ පිළිබඳ ව තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු සෙසු සියලු පක්ෂ සමඟත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රට මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට හැකියාව ඇති කණ්ඩායමකට ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයට අනුව එම කටයුත්ත සිදු කිරීමේ පහසුම ක්‍රමවේදය වන්නේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම බවත් මේ කටයුත්ත පිළිබඳව හෙට දිනයේ හෝ නුදුරු දිනයකදී අගමැතිවරයාම විසින්ම  සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දෙයි.

මෙම තීරණය ගන්නා ලද්දේ පෙරේදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බවත් ඇතැමකු එය ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට ඉවත් වන ලෙස ඉල්ලා සිටි බවට වැරදි අර්ථකථනයක් ලබා දීමට උත්සාහ ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව සියලු පක්ෂවල සහභාගීත්වය සහිත එකමුතු ආණ්ඩුයක් නිර්මාණය  කිරීමට කටයුතු  කරනු ඇති බවද ඔහු පවසයි.

“ ආණ්ඩුව වෙනස් කිරීම සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ ව්‍යවස්ථානුකූල පහසුම ක්‍රමවේදය අගමැතිවරයා ඉල්ලා අස්වීමයි.“

“ මේ කාරණයෙන් පසුව මොකක්ද කරන්නේ? “

“ජනාධිපතිවරයා දැනටමත්  පාර්ලිමේන්තුවේ සියලුම පකෂ සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එකමුතු ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගන්නවා. අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා හිතන ආකාරයට පාර්ලිමේන්තුවට වැඩි විශ්වාසයක් දිනා ගත හැකි පුද්ගලයකු පත් කිරීමට අවසාන තීන්දුව ගන්නේ සියලුම පකෂ සකච්ඡා කිරීමෙන් පසුවයි.  මේ තීන්දුව ගන්නේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිත පොදුජන පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමෙන්  පසුවයි. මේ තීරණය  රට වෙනුවෙන් ගන්න එකක්. “

“පක්ෂයකට බලය ලබා ගන්නවා වෙනුවට නීතීඥ සංගමයත් යෝජනා කළ ආකාරයට  යම් කාල සීමාවක් එකඟ වී කළ යුතු වෙනස්කම් සිදුකර ජනතාව ඉල්ලන ආකාරයට  බහුතරය ඉල්ලන විදිහට මේ දේ කරන්න ඕන. ජනතාවට ඉල්ලා ප්‍රශ්න විසඳිය හැකි,  මේ වෙලාවේ මේ ගැටුමෙන් ගොඩ එන්නට නම් ශක්තිමක් රජයක් හැදිය යුතුයි. ඊට පක්ෂ බහුතරයක සහය ලැබෙනවා නම් හොඳයි.“

ඔහු තවදුරටත් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka