අරගලකරුවෝ දිනුම්... මයිනාගෝගමට බාධා කළ පොලිස් බස්-ට්‍රක් රථ උසාවියෙන් ඉවත් කරයි... අරගලය දිගටම (VIDEO)
කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ ඉවත් කළේය.
ඒ අනුව විරෝධකාරුවන් විසින් අට්ටාල කිහිපයක්ම ඉදිකර ඇති අතර ඒවාද ඉවත් කිරීම ආරම්භ කර තිබිණි.
මෙම අවස්ථාවේ එම ස්ථානයට පොලිස් කණ්ඩායම් රැසක් කැඳවා තිබු අතර, අරගලකරුවන් වෙනුවෙන් නීතිඥයින් රැසක් ද පැමිණ සිටියහ.
මහජනයාට අවහිර වන සේ සවිකර තිබු අට්ටාල ඉවත් කළ ද පිරිස එම විරෝධතාව සාමකාමීව එම ස්ථානයේ අයුරින්ම පවත්වාගෙන යයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ලබා දුන් නියෝගයට අනුව එම බස් රථ සහ වැටවල් ඉවත් කිරීම සිදු කෙරිණි.
අරගලකරුවෝ දිනුම්... මයිනාගෝගමට බාධා කළ පොලිස් බස්-ට්‍රක් රථ උසාවියෙන් ඉවත් කරයි... අරගලය දිගටම (VIDEO)
2022-05-04T21:14:00+05:30
Gossip Lanka Hot News





