ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සිටි තමන් ඇතුළු තවත් සාමාජිකයෙකු විසින් රුපියල 203 ක මට්ටමක ආරක්ෂා කරගැනීම සඳහා විදේශ සංචිත දිගින් දිගටම භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටියත් මුදල් මණ්ඩලයේ සිටි අනිකුත් සාමාජිකයින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන ආචාර්ය රාණි ජයමහ මහත්මිය අනාවරණය කළේය.
ඇය මෙම හෙළිදරව්ව සිදුකළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුව හමුවේ අදහස් දක්වමිනි.
රුපියල 203 ක මට්ටමක ස්ථාවරව පවත්වාගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් බිලියන 5.5 ක පමණ විදේශ සංචිත විනාශ කළැයි මේ වනවිට චෝදනාවක් එල්ල වී තිබේ.
