හර්තාල් ව්‍යාපාරය සදහා සහභාගී වන ලෙස බලකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන බව පොලිසිය කියයි. ශ්‍රී ලංකා පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විවිධ අයිතිවාසිකම් හා විවිධ ආකාරයේ වූ නිදහස භුක්ති විදීමට තිබෙන අයිතියට පොලීසිය ගරු කරන අතර එයට කිසිසේත් බාධා නොකරන බවය.
ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඇතැම් කණ්ඩායම් විසින් හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන ලෙස විවිධ ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයින්ට බලපෑම් සිදු කරන බවට අනාවරණය වී ඇති බවය.
අදාළ නිවේදනය පහත දැක්වේ.
