gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පසුගිය අයවැයෙන් බොරු ආදායමක් පෙන්වා පාර්ලිමේන්තුව නොමඟ යවලා – මහ බැංකු අධිපති සියල්ල හෙළි කරයි

වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ( 24) පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඉල්ලීමක් කළා.

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකිවූ බවත් අනතුරුව අද වන විට එය හදුන්වා දීමට සිදුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ඊයේ රජයේ මුදල් පිළිබද කාරක සභාවට කැදවූ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.

කෝපා සභාපති වාර්තාවක් ඉල්ලයි

වත්මන් ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ක්‍රමිකව ගොඩනැගීම සදහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මුදල් කාරක සභා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී නිර්දේශ කළා.

ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අවශ්‍ය සහය ලබා දීමට අපේක්ෂා කරන බවත් මුදල් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නා.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබද පැහැදිළි කරමින් මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකඟ වී ඇති බවයි.

ආයතන 3ක් අර්බුදයක

එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නා.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවන විට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය අද බවත් ඒ මහතා පැවසුවා.

එම සාකච්ඡා සාර්ථක කොට ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ IMF ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බවත් ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපතිවරයා කියා සිටියා.

අයවැයෙන් බොරු කියලා

පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමග යාම සිදුවූ බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ නිසා මෙම ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සදහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේ එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු අවධාරණය කළා.

මීට අමතරව ආදායම් බදු නිසි ලෙස අයකරගැනීම සදහා යාන්ත්‍රණයක් ඇති කිරීම, මැණික් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තයන්ට අදාළව අපනයනයේදී සහ ආනයනයේදී සිදුවන අක්‍රමිකතා වළකා නිසි ආදායම් රටට හිමිකර දීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබදවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

තවද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර අවසර දෙන ලද මුදලට වඩා වැඩිපුර රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද ඊයේ පැවති මුදල් කාරක සභාවේ එකගත්වය හිමිවී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka