වහාම ක්‍රියාත්මක වන පරිදි ගෝඨාගේ ආරක්ෂාවට 400ක කණ්ඩායමක් කැදවයි
ඊයේ සිට ක්‍රියාත්මක වෙන පරිදි පොලිසියේ විශේෂ පුහුණුව ලත් 400කට අධික කණ්ඩායමක් ගෝඨාභයගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර තිබේ.
එම පොලිස් භට පිරිස ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු යටතේ අනුයුක්ත කර ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති (ජනාධිපති ආරක්ෂක දිශාව බාර) ලෙස ආර්. එම්. එන්. ජී. ඕ. පෙරේරා පත්කර තිබේ. එසේම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ඩී.ටී. ජයලත් පත්කර ඇත.
එක්දින හර්තාලයට දිනක් තිබියදී මෙම පත් කිරීම් කර ඇති අතර මහජන උද්ඝෝෂණ ආරම්භ කිරීමේ පසුව ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹට කැඳවන ලද හමුදා අනු කණ්ඩ පිළිබඳ රහසිගත තොරතුරු ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් හෙළිකිරීම ඇතුළු ගණනාවක් මූලික කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂගේ නව ආරක්ෂක විධිවිධාන සලසා ඇති බව හෙළි වේ.
-lankatruth
වහාම ක්‍රියාත්මක වන පරිදි ගෝඨාගේ ආරක්ෂාවට 400ක කණ්ඩායමක් කැදවයි
2022-05-06T11:23:00+05:30
Gossip Lanka Hot News






