gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

'අපි ණය නෑ' : කාංචනගේ රුපියලේ පාඩුවත් මකන්න පිං කැටයක් (වීඩියෝ)

දැවැන්ත මිල වැඩිකිරීමකින් පසුවද ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් තවමත් රුපියලක පාඩු ලබන බවට පැවසීමත් සමග එම රුපියලද පිංකැටයකට දමා පිරවුම්හල් වල තැබීමට මහජනයා ගත් පියවරක් අනුරාධපුරයෙන් වාර්තා වේ.

'කාංචනගේ පිං කැටය - අපි ණය නෑ' ලෙස එම පිං කැටයේ ගසා තිබේ.

මෙම පිං කැටයේ මුදල මුදල් ඇණවුමක් හරහා අමාත්‍යවරයාට ලබාදෙන බවට නියමිත බව පැවසේ.

ඊයේ අළුයම කාලයේදී රජය විසින් සියලුම ඉන්ධන වර්ග වල මිල යළිත් ඉහළ දැමූ අතර, ඊට පැය කිහිපයකට පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ බලශක්ති අමාත්‍ය - කාංචන විජේසේකර පැවසුවේ තවමත් ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක්ද ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 60ක පාඩුවක්ද ලබන බවයි. 

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka