යාසර පරීක්ෂණයෙනුත් ෆේල් වෙලා... කැඩෙට් නිලධාරියකු විදිහටවත් එයාර්ෆෝස් එකේ ඉඳලා නෑ - අරුන්දික පාර්ලිමේන්තුවේ ගහපු තවත් අලි බොරුවක් අතේ මාට්ටු වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කර ඇත.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා මෙතෙක් ගුවන් හමුදාවේ සේවය කළ බවට වාර්තා නොමැති බවයි.
පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර කළ ලිපි ඇතුළු වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මම ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටියා කියලා මට අද පෙන්නන්න දෙයක් නැහැ.ඒ දවස්වල ගුවන් යානයක් ගුවන් ගත වුණාම ඒවා ලොග්වල සටහන් කළේ ඒ කාලේ පරිගණක ගත කරන්න පහසුකමක් තිබුණේ නැති නිසා. ඒ ලොග් සියල්ල විනාශ කළේ මගේ නිවසේ ඇති වූ ගින්න” යැයි මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා වරක් පියාසර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වූ නමුත් එහිදී ඔහු අසමත් වූ බව එම ප්‍රකාශකයා පැවසීය.
ගෲප් කපිතාන් විජේසිංහ ඩේලි මිරර් පුවත්පතට කියා ඇත්තේ මන්ත්‍රීවරයා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ බවට පවා වාර්තා නොමැති බවයි.
යාසර පරීක්ෂණයෙනුත් ෆේල් වෙලා... කැඩෙට් නිලධාරියකු විදිහටවත් එයාර්ෆෝස් එකේ ඉඳලා නෑ - අරුන්දික පාර්ලිමේන්තුවේ ගහපු තවත් අලි බොරුවක් අතේ මාට්ටු වෙයි
2022-05-21T10:50:00+05:30
Gossip Lanka Hot News






