රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩල ඇතුළු ආයතන 42ක් ජනාධිපතිවරයා යටතට පත්කර ගනිමින් මෙතෙක් සියලු දෙනා බලා සිටි ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත්කොට තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආයෝජන මණ්ඩලය, පොර්ට් සිටි ආර්ථික කොමිසම මුල් වරට ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැසට් කර තිබීමයි.
කැබිනට් අමාත්‍යවරුන් 23 දෙනාට ආයතන බේදී යන ආකාරය මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ.
එසේම කිසිදු ආයතනයක් කිසිදු අමාත්‍යාංශ්‍යකට ගැසට් කර නොමැති නම් ඒ් සියලු ආයතන ජනාධිපතිවරයා යටතට පත්වන බවට මෙම ගැසට් නිවේදනයේ සඳහන් කොට තිබීමද විශේෂත්වයකි.
එම ගැසට් නිවේදනය පහතින් කියවන්න.
