gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ අරගලය දේශපාලනිකයි... පාගමනකින් කොළඹට ඇවිත් අපි මේ අරගලයේ දේශපාලන නායකත්වය ගන්නවා - ජවිපෙ

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව නිර්දේශපාලනික විරෝධතාවන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම විරෝධතාවයන් දේශපාලනිකව බවත් එයට තම පක්ෂයේ නායකත්වය දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

නිර්පාක්ෂික අරගල නොමැති බවත් ප්‍රශ්නය දේශපාලනික නම් පිළිතුර ද දේශපාලනික බවත් පැවසූ ඔහු මෙම අරගලයට දේශපාලන නායකත්වය ලබා දෙන්නට තම පක්ෂය සුදානම් බවද පැවසීය.

සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා. ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා. දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැලෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.

ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය අපි නතර කරන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා.

නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්‍රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka