gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලාට කඩේ යෑම ගැන ඇත්තේ බරපතල පසුතැවීමක්… අරගලයට ජය වේවා – රෝහණ වීරසිංහ

රාජපක්ෂලාට කඩේ යෑම පිළිබඳව බරපතල පශ්චාත්තාපයකින් පසුවන බවත්,  එය තමන්ගේ ජීවිතයට එක් වූ මැකිය නොහැකි කළු පැල්ලමක් බවත් විශිෂ්ට සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන් ස්වකීය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් පවසති.

නන්දා මාලනිය සහ සුනිල් ආරත්නයන් ගිය අරගල භූමියට තමන්ට යන්නට නොහැකි වීම පිළිබඳව උපන් පශ්චාත්තාපයෙන් යුතුව එම සටහන තබන ආචාර්ය වීරසිංහයන් හොරකම- දූෂණය – වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගත බව කියයි.

අරගලයට ජයවේවායි ප්‍රාර්ථනා කරමින් රෝහණ වීරසිංහයන් තැබූ සටහන මෙසේය.

අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඬ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා… ආශීර්වාද කරනවා.

බොහෝ දෙනා මාවෙත ඇඟිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.

2019 දී මා ද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබඳවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක් .

ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම- දූෂණය – වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.

නිහඬව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා.

අරගලයට ජයවේවා!“


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka