gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත්පැන් ගඳක් වහනය වෙලා...කෑගල්ල රෝහලට ඇතුළත් කළ පොලිසියේ 20න් ඉහළම නිලධාරියා අතුරුදන්!

19 දා රඹුක්කන  සවස ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් නිලධාරීන් 20 දෙනාගෙන් එක අයක්  එදිනම අතුරුදන්ව ඇති  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

19 දා සවස රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගයද හරස් කරමින් උද්ඝෝෂණයක නියැලුනු ජනතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර සහ  වෙඩි ප්‍රහාර එල්ල කරන ලද අතර එහිදී නිර්මාණය වූ ගැටුම්කාරී තත්ත්වය සමඟ පොලිස් නිලධාරීන් 20 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ එම නිලධාරීන් අතරින් උසස් නිලයක් දරන පොලිස් නිලධාරියක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් අනතුරුව ඇතුළත් කළ රෝගීන් අතර  සිටි පොලිස් නිලධාරීන් විසි දෙනාගෙන් පස් දෙනකු මේ වනවිට රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබන අතර තවත් 14 දෙනකු මහනුවර ට මාරු කර යවා ඇත.

ඔවුන් මහනුවරින් පොලිස් රෝහල වෙත සහ ඇතැම් නිලධාරීන් ඒ හරහා  රෝහල්වලින් බැහැර කර ඇති අතර ඇතුළත් කළ අනෙක් නිලධාරියා මෙසේ අතුරුදන්ව ඇත.

එහිදි සිදු කරන ලද සොයා බැලීමකදී මෙම නිලධාරියා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බවට හෙළි ව ඇති අතර ඔහු ගේ සිරුරෙන් මත්පැන් ගන්ධයට ආසනන් ගන්ධයක් නික්මුණු බවත්  ඇතැම් විට  වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු බීමතින් සිටින බව අනාවරණය වේ යයි බියෙන් රෝහලට නොදන්වා රෝහලින් නික්ම යන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති. 

-lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka