gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රඹුක්කන දී වෙඩි තැබුවේ පිටතින් පැමිණි පොලිස් කණ්ඩායමක්?

ඊයේ සවස රඹුක්කන දී සිදුවූ උද්ඝෝෂණකරුවන්ට වෙඩි තැබීම රඹුක්කනට පිටතින් ගෙන්වූ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග අනාවරණය කළේය. ඊයේ  අලුයම සිට උද්ඝෝෂණයේ යෙදුණු මෙම කණ්ඩායම පාලනය කිරීම සඳහා රඹුක්කන පොලිසියේ නිලධාරීන් කිසිදු ගිනි අවියක් මෙම ස්ථානයට ගෙනවිත් නොමැති අතර වෙනත් ප්‍රදේශවලින් ගිනි අවි සමඟ පැමිණි පොලිස් කණ්ඩායමක් අතින් මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ පොලිසියේ ඉහළම තලයේ නිලධාරීන් කැරලි මර්දනය සඳහා ලබා දි තිබූ මඟ පෙන්වීම්ද නොසලකා හරිමින් බවට මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වනවිටත් මේ පිළිබඳව පොලිසිය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති අතර ලංකාසරට වාර්තා වන්නේ මෙම පුවත් වාර්තා කරන අවස්ථාව වනවිටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවත්වෙන බවය.

ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන ලබා නොදීම හෙතුවෙන් කුපිත වූ මහජනතාව අද අලුයම සිට රඹුක්කන උද්ඝෝෂණය කළ අතර ඔවුන් උඩරට දුම්රිය මාර්ගයේ ඉන්ධන ප්‍රවාහන දුම්රියකට ගමන ට බාධා කර තිබේ. එහිදී විරෝධතාකරුවන් ට ඉන්ධන අර්බුදය පිළිබඳ ව පැහැදිළි කර මෙම දුම්රියට ගමන් කිරීමට ඉඩ ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළද එය නොසලකා ඔවුන් දිගටම විරෝධතා වේ යෙදීම හේතුවෙන් ඔවුන්ට කඳුලු ගෑස්, ජල ප්‍රහාර එල්ල කර විසුරුවන ලෙසට පොලිසියේ ඉහළ අංශවලින් නියෝගයක් ලබා දී තිබේ. එසේ තිබියදී කඳුලු ගෑස්වලට අමතරව වෙඩ් තැබීමට පොලිස් නිලධාරීන්ට පොලිසියේම නිලධාරියකුගෙන් අණක් ලැබී ඇති අතර මේ පිළිබඳව මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේද කතා බහක් නිර්මාණය වී තිබේ.

මේ සිද්ධිය සහ රට පුරා නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා අරක්ෂක මණ්ඩලයද කැඳවා ඇතැයි මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය.

-ලංකාසර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka