දවස් 17කට පසු ඩීසල් නැවකට සල්ලි ගෙවයි - ප්‍රමාද ගාස්තුව කෝටි 9යි!
දින 17ක් තිස්සේ ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් මහ මුහුදේ රැදී තිබූ නෞකාවට රජය මේ වනවිට මුදල් ගෙවා ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මෙම නෞකාව සඳහා ඩොලර් මිලියන 52ක් සහ ප්‍රමාද ගාස්තු වශයෙන රුපියල් කෝටි 9කට අධික මුදලක් මේ අනුව ගෙවා ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නැව සිංගප්පූරුවේ සිට පැමිණි අතර ගොඩ බෑමට පෙර මුදල් ගෙවිය යුතු බවට වූ කෙන්දේසියක් හේතුවෙන් මුදල් ගෙවන තෙක් මුහුදේ රැඳී සිට ඇත. මීට අමතරව විදුලි බලාගාරවලට අවශ්‍ය නැප්තා ඉන්ධන නැවක් මෙට්‍රික් ටොන් 38000ක ගෑස් නැවක් මෙන්ම තවත් ඩීසල් නැවක්ද මෙරටට ළඟා වෙමින් පවතින බවද මෙම අමාත්‍යංශ පුකාශකයෙක් පැවසීය.
දවස් 17කට පසු ඩීසල් නැවකට සල්ලි ගෙවයි - ප්‍රමාද ගාස්තුව කෝටි 9යි!
2022-04-08T11:30:00+05:30
Gossip Lanka Hot News





