gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අන්තර්කාලීන ආණ්ඩුවේ සැලසුම් කමිටුව නම් කරයි

අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා පක්ෂ 10 හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය වන පරිදි පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා සහ පක්ෂ 10 නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් මන්ත්‍රීවරු මේ කමිටුවට පත් කළ බව ස්වාධීන මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.

මේ කාර්යය සඳහා තම කණ්ඩායම්වලින් නියෝජිතවරු පත් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී කළ දැනුම් දීමක් අනුව මේ කමිටුව පත් කළ බව ද හෙතෙම කීවේය.

අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂවල අදහස්, යෝජනා සහ සහාය ගැනීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කිරීම ද මේ කමිටුවට පැවරෙන බව ද පැවසීය.

– නුවන් කොඩිකාර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka