gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද තිරුපති ගිය ජෙට් යානය ගැන කිවුවා කියා හිරුණිකාගෙන් කෝටි 50ක් ඉල්ලයි

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන ලද වේලුප්පිල්ලෙයි කනනාදන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය හමුවකදී පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව අපහාස වන්දි ඉල්ලමින් ලිපියක් යොමු කර ඇත.

එම මාධ්‍ය හමුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ පසුගිය වසරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වෙත ගිය ජෙට් යානයේ හිමිකරු කනනාදන් බවයි.

කනනාදන් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවත් ඔහු උගන්ඩාවේ ‘සිලෝන් කැෆේ’ හිමිකරු බවත් පැවසූ හිරුණිකා කොටි සංවිධානයෙන් අල්ලාගෙන රාජසන්තක කරන ලද රත්‍රන් කනනාදන් සතුව තිබූ බවද පැවසුවාය.

කනනාදන් සිය නීතිඥවරයා හරහා යවන ලද ඉල්ලීම් ලිපියෙන් කියා ඇත්තේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත, ගොතන ලද ඒවා වන අතර ලාභ දේශපාලන වාසි සහ යටි අරමුණු සඳහා සිදු කරන ලද චරිත ඝාතනයක් මිස අන් කිසිවක් නොවන බවයි.

2022 අප්‍රේල් 27 වැනි දින හෝ ඊට පෙර මේ පිලිබදව සුදුසු සමාව අයැදීමක් සමඟ ප්‍රසිද්ධියේ චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නැතහොත් රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙස කනනාදන් විසින් හිරුණිකාගෙන් ඉල්ලා ඇත.

දින දහහතරක් ඇතුළත එසේ කිරීමට අපොහොසත් වුවහොත් හිරුණිකාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ දැක්වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka