gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දට අගමැතිකම දෙන්න සර්ව පාක්ෂික ආණ්ඩු හදන්නෙ මොකට ද? ඔහු හදන්නෙ රට ලේ විලක් කරන්න - දයාසිරි

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ උත්සාහ කරන්නේ මේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවේත් අගමැති තමා බවට මහින්ද රාජපක්ෂ අද කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

“අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ එතුමට අගමැති වෙන්න නෙමෙයි. එහෙම නම් සර්ව පාක්ෂික ආණ්ඩු ඕන නෑ. එතුමට අගමැති විදිහට ඉන්න පුලුවන්.“

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ රාජපක්ෂලා නැතිව මේ රටේ තියන ප්‍රශ්න ටික විසඳන්න.  ගෝඨාභය රාජපක්ෂට එකපාරට ජනාධිපති කමින් ඉවත් කරන්න බැරි නිසයි අපි මේ යෝජනාව ගෙනාවෙ.

“මේ රටේ පාරට බැහැලා  අරගල කරන  තරුණයින්ගෙ ඉල්ලීම් කීපයක් තියනවා. එකක් “ගෝඨා ගෝ හෝම්“,  “රාජපක්ෂස් ගෝ හෝම් “.  මේක තෙරුම් නොගන්න එක ඛේදවාචකයක්.

“මේ ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න අපි උත්සාහ කරනකොට  ඒකට විසඳුමක් හොයාගන්න බැරිනම්, ඒ අයගෙ බලය තියාගන්න ඕන කියලා හිතනවා නම් ඔහොම කරගෙන යන්න… මිනිස්සු තීරණයක් ගනීවි.  අගමැතිවරයා හදන්නෙ මේ රට ලේ විලක් කරන්න…“

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය.

“හැබැයි එතුමා දන්නෙ නෑ… තව විකල්ප තියනවා අපට. තව වැඩ පිළිවෙළ රාශියක්  තියනවා අපිට. මේ වෙලාවෙ ඒක කියන්නෙ නෑ. බලන් ඉන්න..“

- ලංකාසර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka