74 වසරක විනාශය වෙනස් කරන්නට රටතුළ නව ආරම්භයක් ඇතිකල යුතුයි – කාදිනල් හිමිපාණන්
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයට පිළියමක් ලෙස පුද්ගලයන් වෙනස් කරනවාට වඩා දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ (01) ඉල්ලා සිටියේය.
“මෙම ක්‍රමය වටින්නේ නැති බව දැනටමත් ඔප්පු වී ඇති බැවින් ඉහළ තනතුරු දරන පුද්ගලයින් වෙනස් කිරීම විසඳුමක් නොවේ,” කාදිනල්තුමා මාධ්‍ය හමුවේදී පැවසීය.
“සියලු බලතල තනි පුද්ගලයකුට පැවරෙන ක්‍රමය ඉවත් කළ යුතු අතර රජයේ ඉහළ තනතුරු දරන අයගේ නීත්‍යානුකූල මුක්තියද වෙනස් කළ යුතුයි. රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන දේශපාලනඥයන්ගේ සමීපතමයන් සහ ඥාතීන් වහාම ඉවත් කළ යුතුයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ උපදෙස් ලබාගෙන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කළ යුතුයි.”
“අපේ රටේ මිනිස්සු. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට නොහැකිව ඔවුන් අද පෝලිම්වල සිටිනවා. දුක් විඳින සහ පිඩිත ජනතාව සමඟ කතෝලිකයන් නැගී සිටිනවා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ මැල්කම් රංජිත් හිමිපාණන්..
74 වසරක විනාශය වෙනස් කරන්නට රටතුළ නව ආරම්භයක් ඇතිකල යුතුයි – කාදිනල් හිමිපාණන්
2022-04-02T09:41:00+05:30
Gossip Lanka Hot News






