gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නුගේගොඩ ජනපති නිවස වැටලූවේ අන්තවාදීන්..- ජනාධිපති මාධ්‍ය අංශය

ඊයේ (31) නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කළ බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර මෙම කළහකාරී තත්වය ඇති කර ඇති බවයි.

එසේම මෙසේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කණ්ඩායමෙන් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර එයින් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවත් ඔවුන් මෙරට අරාබි වසන්තයක් ඇති කරමු යැයි හඬ නඟමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඉතා සැලසුම් සහගත ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා, රට අරාජිත කිරීමේ අරමුණින් යුතුව අදාළ කණ්ඩායම කටයුතු කර ඇතැයි අත් අඩංගුවේ පසුවන පිරිසගෙන් අනාවරණය වී ඇති බව අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka