ජනතාව පහර දේ යයි බියවෙති... හිටපු ඇමතිවරුන් පෙර සේම ආරක්‍ෂාව තබා ගනිති!
හිටපු මැති ඇමතිවරුන්ට ලබාදී තිබූ ආරක්ෂාව ඒ ආකාරයෙන්ම තවදුරටත් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
රට තුළ ඇති මහජන විරෝධතා හමුවේ මැති ඇමතිවරුන්ගේ නිවාස ඉදිරියේ දිගින් දිගටම විරෝධතා පැවැත්වෙන නිසා මෙම තීරණයට එළඹ තිබේ.
හිටපු කැබිනට් අමාත්‍යවරුන්ට ලබාදී ආරක්ෂකයන් හා ආරක්ෂක රථද අනෙකුත් මැති ඇමතිවරු ලබාදුන් ආරක්ෂාව ද ඒ අයුරින්ම ලබාදී තිබේ.
එමෙන්ම ඔවුන්ගේ නිවාස අසල කලහකාරී තත්ත්වයක් ඇති වුවහොත් පොලීසියේ සහයට පොලිස් විශේෂ කාර්ය බලකායත් අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදාවත් යොදවන ලෙස උපදෙස් ලබාදී ඇත.
ජනතාව පහර දේ යයි බියවෙති... හිටපු ඇමතිවරුන් පෙර සේම ආරක්‍ෂාව තබා ගනිති!
2022-04-30T16:48:00+05:30
Gossip Lanka Hot News






