gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව කෝපයෙන් සොයන නායකයකු මුහුද මැද සුඛෝපභෝගී නෞකාවක..

පාර්ලිමේන්තුව තුළ යෝජිත විශ්වාසභංගය සහ දෝෂාභියෝගය පිළිබඳ 43 සේනාංකයේ ස්ථාවරය පිලිබදව 43 සේනාංකයේ නායකන් විසින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබිණ. ඒ සඳහා හිටපු අමාත්‍ය 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා සහ නීතීඥ ශිරාල් ලක්තිලක මැතිතුමා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා, බන්දුල චන්ද්‍රසේකර මහතා, කමල් නිශාන්ත වර්ණසිංහ මහතා, කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර දැරූ ස්ථාවරය ඉවත් කොට මෙලෙස විශ්වාසභංගයක් ගෙනඒමට කැමති වීම ගැන සතුටු වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරණවිතාන මහතා

“පාර්ලිමේන්තුවේදී විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන්න පටන් අරගෙන තිබෙනවා. හතලිස් තුනේ සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා ඒ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරලා තිබෙනවා. මේක තමයි අපි ඉස්සෙල්ලා ඉඳන්ම ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. විපක්ෂයට විශේෂයෙන් වගකීමක් තියෙනවා ඒ වගකීම අතහැරලා දාන්න බැහැ. කල් දාන්න බැහැ. ඊළඟ මැතිවරණය වෙනකන්. මොකද විපක්ෂයේ ප්‍රධානම කියමන ඊලග මැතිවරණයක් තියලා ඒකෙන් ජනවරමක් අරගෙන ඊට පස්සේ පාලන බලය අරගෙන ඉවර වෙලා මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා වගේ කතාවක්. ඇත්තෙන්ම අපේ අදහස දරපු විපක්ෂ මන්ත්‍රීවරුන් තවත් කීපදෙනෙක්ම පාර්ලිමේන්තුවේ මේ අදහස් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවෙයි මේ අර්බුදය විසඳන්න අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. අපි සකස් කළේ රාජපක්ෂලා නොවන අන්තර්කාලීන ආණ්ඩුවක් සැදිය යුතුයි. ඒ ආණ්ඩුවේ වගකීම කවුරුවත් දරන්නේ නැත්නම්, සියලු දෙනාම කැමතිනම් පාඨලී චම්පික රණවක මැතිතුමා ඒ වගකීම වුණත් දරන්න කැමතියි කියන පණිවිඩය අපි ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කලා. හැබැයි ඒ වගේම මේ විශ්වාසභංග ක්‍රියාවලිය සාර්ථක කරන්න අවශ්‍යයි. ඒක නිකන් විපක්ෂයේ තවත් වැඩක් හැටියට කරලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ මිනිස්සු කියන්නේ රාජපක්ෂලා යා යුතුයි කියලා. ගෝඨාභය ජනාධිපතිවරයා අයින් විය යුතුයි. රාජපක්ෂලා දේශපාලන බලය අතහැරිය යුතුයි. එහෙම නම් ඒක කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලා ඒක කරන්න ඕනේ. ඒක කරන්න නම් ඉස්සෙල්ලා විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරද්දන්නට අවශ්‍යයි. ඒ පරද්දන්නට නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු දෙනාම එකට සිටිය යුතුයි.

විශ්වාසභංගය, ජයග්‍රහණය කළොත්, අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති ධූරයෙන් අස්වෙලා අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න වෙනවා. ඒ ආණ්ඩුව මොකක්ද? ඒ පිහිටුවන්න වෙන ආණ්ඩුව තමයි අපි ප්‍රකශ කරපු රාජපක්ෂලා නැති අන්තර්වාර ආණ්ඩුව. එහෙමනම් ඒ ආණ්ඩුවේ ස්වභාවය මොකක්ද? ඒ ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයට දෙන විසඳුම මොකක්ද? මේ බලශක්ති අර්බුදයට දෙන විසඳුම මොකක්ද? මේ දේශපාලන අර්බුදය සඳහන් කොහොමද? ඊළඟ මැතිවරණය දක්වා මේ සංක්‍රාන්ති ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන කරුණු කාරණා සම්බන්ධයෙනුත් මේ සාකච්ඡාව කරන්නට අවශ්‍යයි.”

එමෙන්ම මේ සඳහා සහභාගී වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව ඉතාමත්ම බලගතු ආර්ථික අර්බුදයක ඒ වගේම දේශපාලන අර්බුදයක ගිලී ඇති බවයි.එමෙන්ම මෙවැනි ආර්ථික අර්බුදයක් පැමිණෙන බව වැරදි මුල්‍ය ක්‍රියාදාමයක් සිදුකරන විට කල්තියාම පැවසු බවයි.

“අපි අනතුරු ඇඟෙව්වේ දෙදහස් දහතුන වැනි ඈත කාලයක. ඒ වගේම මේ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන බොහෝ දෙනෙක් ඒ කාලයේ මේ අනතුරු ඇඟවීම කළා. නමුත් ඒවා කනකට ගත්තේ නෑ. කෙසේ නමුත් දැන් අප සියලු දෙනාටම රටක් හැටියට ඒ සිදු කරන ලද විෂම ණය ගැනීමේ ක්‍රියාවලිය, විෂම ආයෝජනය හා ඒ හරහා සිදු කරන ලද දැවැන්ත ජාතික මංකොල්ලයට මුහුණ දෙන්න මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාවට හා උපනූපන් පරපුරට දැන් සිදුවෙලා තිබෙනවා. දැන් ආණ්ඩුවේ තර්කය අපට ලක්ෂ හැට නමයක ඡන්ද ලැබුනා. ජනාධිපතිතුමාට දෙදාස් විසිහතරේ දෙසැම්බර් මාසය දක්වා ඉන්න පුළුවන්.  නමුත් මේ ආණ්ඩුවේ අසාර්ථකභාවය එසේ මෙසේ අසාර්ථකභාවයක් නෙවෙයි. ජනතාවට මූලික ඖෂධ ටික, මූලික ආහාර ටික, මූලික ඉන්ධන ටික, විදුලි බලය ආදී කිසිවක් නොමැති තත්වයකට ජනතාව පත්වෙලා, සමස්ත ජනතාව ඉදිරියේම මේ රජයේ, ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුවේ යුක්ති සහගතභාවය සම්පූර්ණයෙන්ම ගිලිහී ගිහින් තියෙනවා.

මේ රජය රාජපක්ෂලාගෙන් තොර පාලනයක් තමයි මේ රටේ ජනතාව ඉල්ලන්නේ. මේ රටේ ජනතාව තවදුරටත් සූදානම් නෑ පවුල්වල යම් යම් පිරිස් ඉදිරියට ඇවිල්ලා තාත්තාගේ, බාප්පාගේ, අම්මගේ, ගුණ වර්ණනා කරලා ඒ විදිහට මම රට කරනවාය කියන කාරණය අහන්න. අපි හතළිස් තුන්වෙනි සේනාංකය බිහිකළේම, මෙන්න මේ පවුල්වාදී දේශපාලනය අවසන් කරන්නත් ඒ වගේම අයතා ක්‍රමයට ධනය උපදවාගෙන ඒ හරහා බලය පවත්වාගෙන යන පාදඩ අර වනචර දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට. අද මේ හතලිස් තුනේ බලවේගය, අධ්‍යාපනයෙන් මතුවෙච්ච මේ නැණවත් ප්‍රඥා බල සෙනඟ අද පාරට ඇවිල්ලා තියෙනවා. පාරට ඇවිල්ලා, මේ පාලක පන්තියට යන්න බල කරලා තියෙනවා. මේක රාජපක්ෂවරුන්ට විතරක් නෙවෙයි, ඒ රාජපක්ෂවරු එක්ක කල්ලි ගැහිච්ච, ගැට ගැහිච්ච, ජාවාරම්කාර පන්තියටත් පාදඩ, වනචර දැන් ඇති කියලා මේ ජනතාව කියලා තියෙනවා. ඕනම කැබිනට් මණ්ඩලයක් ගෙදර යවන්න පුළුවන් විශ්වාසභංග යෝජනාවක් මගින්. ඒ වගේම ජනාධිපතිවරයා පාලනය කිරීම සඳහා ක්‍රම ගණනාවක් තිබෙනවා. පළවෙනි එක ඔහුට අය වැයෙන් දීලා තියෙන ඒ මුල්‍ය  පාලනය, ඔහුට ලැබිලා තියෙන ඒ මුල්‍ය බලය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයට පුළුවන්. ඒ වගේම තවත් ලබාදීලා තියෙනවා දෝෂාභියෝගයක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තියෙනවා නම් සිදු කරන්න. ඒ වගේම කතානායකවරයා එකඟ නම්, ඒ දෝෂාභියෝගය භාරගැනීම සරල බහුතරයටත් කරන්න පුළුවන්.

ඒ වගේම  රට ඉල්ලන අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ජනාධිපති ධූරය අහෝසි කිරීමට, දෙදාස් පහලවේ ඇතිවෙච්ච ව්‍යවස්ථා සංශෝධනයේදී බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළා. පැහැදිලිවම මේ විසිවෙනි සංශෝධනයෙන් කැටිකරගත් බලය ජනාධිපතිවරයා, අත්තනෝමතික බලය ඉවත් කරලා, රාජ්ය සේවය, පොලිසිය, විශේෂයෙන්ම අධිකරණය, ස්වාධීන කිරීම සඳහා වෙන නව විසිඑක්වෙනි සංශෝධනයක් සම්මත කරන්නත්, මේ පාර්ලිමේන්තුවට පුළුවන්. එහෙමනම්, ව්‍යවස්ථාවෙන් ඕනෑවටත් වඩා ඉඩකඩ ලබාදීලා තියෙනවා, එහෙනම් මේ විශ්වාසභංගය අනිවාර්යෙන්ම මේ විපක්ෂය සහ ආණ්ඩුවේ ඉන්න පිරිස ඒ සඳහා අන්තර්කාලීන භාරකාර ආණ්ඩුවක් පත්කර ගත යුතුයි. අපි බොහොම පැහැදිලිව කිව්වා මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමෙන් හැකියාවක් නෑ.

ජනතාව කෝපයෙන්, බඩගින්නේ, ගන්න තීරණ, නිවැරදි තීරණ වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ මේ මූලික තත්වයන් ලබාදීලා, ඔවුන්ගේ ආහාර, ඖෂධ සහ ඔවුන්ට ආරක්ෂාව, ඒ වගේම ඉන්ධන, බලශක්තිය ලබා දීලා ඔවුන් යම් ආකාරයකට සාමාන් ය ජන ජීවිතයට හුරු වුණාට පස්සේ, පුළුවන් අපට දේශපාලන සංවාද, විවාද කරලා, අපට පුළුවන් මැතිවරණයකට යන්න. අන්න මේ තියෙන ජන අරගලයේ සිට අන්න ඒ මැතිවරණයේ සාමකාමී වාතාවරණය ඇතිවෙන කාලය දක්වා වූ කාලය තමයි මේ අන්තර්කාලීන පාලනයක් විසින් සහතික කළ යුත්තේ. එතනදී ඔවුන්ට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා අපි යෝජනා කරනවා ඒක පාර්ලිමේන්තුවේ අපට පුළුවන් දැනට තියෙන විධායක කාරක සභා ක්‍රමය, අධීක්ෂණ ක්‍රමය ශක්තිමත් කරලා පක්ෂ, විපක්ෂ මන්ත්‍රීන් සියලුම නියෝජනය වෙන ක්‍රමයකට අමාත්‍ය මණ්ඩල සැකසුමක් කරන්න. දැනට එවැනි කොමිටි දාසයක් තියෙනවා ඒක බලාත්මක කරන්න. ඊළඟට ස්වාධීන පිරිස් මහ බැංකුව ඒ වගේම භාණ්ඩාගාරය ඒ ඒ වගේම භාණ්ඩාගාරයට අනුයුක්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව වැනි ස්ථාන විශේෂයෙන්ම අද බරපතල අර්බුදයකට අනාගතයේ නියමිත වෙලා තියෙනවා. මේ බලශක්ති අර්බුදයෙන් පස්සේ ඒක තාවකාලිකව සමනය කරගන්න ඉන්දියානු ආධාර වලින් පුළුවන් වුණත්, අනාගතය අර්බුදයට යමින් තිබෙන, බැංකු පද්ධතිය රැකගැනීම සඳහා ඒ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ආයතන වලට. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය ඒ වගේම ඖෂධ සංස්ථාව සහ ගෑස් සමාගම කියන මේ ආයතන අනිවාර්යෙන්ම ස්වාධීන වෘත්තීයවේදීන් පිරිසක් අතට පත් කරන්න ඕනේ. අපි සතුටු වෙනවා මේ අවස්ථාවේදී රජයේ පරිපාලන සේවා සංගමය දැන් මේ අන්තර්වාර කාලීන මේ ක්‍රියාවලියට තමන්ගේ සුභ පැතුම් එක්කහු කරලා තියෙනවා විතරක් නෙමෙයි. ඔවුන් මේ වෙනුවෙන් කැප වෙන්න සූදානම්. ඒ නිසා මේ අය සම්බන්ධ කරගෙන මේ රට ඉදිරි කාලයේ වෘත්තීය මට්ටමේ විද්‍යාත්මක පාලනයකට දැන් යොමු කළ යුතු වෙනවා. ඒ වගේම වැදගත්ම කාරණය මේ සියලුම පක්ෂ රාජපක්ෂවරු නොවන අය එකතු වෙලා මේ අන්තර්කාලීන පාලනය සඳහා අවම වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි.

ඒ පියවර වලිය අපි අරගත යුතුයි. ඒ සඳහා අවම වැඩපිළිවෙලකට අපි එකඟ වෙමු කියන ආයාචනය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලට රාජපක්ෂවරු හැර අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒවා අවම වැඩ පිළිවෙල සඳහා හතළිස් තුන්වැනි සේනාංකය ඉදිරිපත් කරපු ජනවාරි විසිතුන් වෙනිදා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් තවත් මෙවැනි වෘත්තීය ආයතන ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙළුත්  අරගෙන සාකච්ඡා කරලා, අපි එකඟතාවයකට එමු කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

ඒ වගේම ජනාධිපතිවරයාට එරෙහිව ඔහුගේ ඒ අයවැයෙන් ඔහුට ලබාදීලා තියෙන මුල්‍ය බලය, ඒ වගේම ඔහුගේ බලතල සීමා කරන විසි එක්වෙනි සංශෝධනය හෝ ඔහුව ධූරයෙන් පහ කිරීම සඳහා වෙන දෝෂාභියෝගය කියන මේ සෑම කාරණයකටම අපි කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙනවා. මොකද රාජපක්ෂවරුන්ගෙන් තොර පවුල් පාලනයෙන් තොර අනාගතයක් මේ රටට දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම මේ රටේ ආරක්ෂක අංශ ස්වාධීනව කටයුතු කළ යුතු මොහොත දැන් එළැඹිලා තියෙනවා. මේ පවුල රකිනවා වෙනුවට රට රකින්න ඉදිරිපත් වෙන්න කියලා අපි කියනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අප මේ වෛරයට ලක් වෙලා ඉන්න, මේ ජනතාවගේ වෛරයට ලක් වෙලා ඉන්න නායකයෝ රැල කොළඹ තරු පහේ හෝටල්වල, විශේෂයෙන්ම දුෂණයේ සංකේතයක් වෙච්ච ෂැංග් රිලා හෝටලය, ඒ වගේම මුහුදේ නතර කරලා තියෙන ඇතැම් සුඛෝපභෝගී නෞකාවල දැන් ජීවිත ගත කරමින් ඉන්නවා කියලා අපි අපිට වාර්තා වෙලා තියෙනවා. මේක ගැන ජනතාව වහාම ක්‍රියාත්මක විය යුතුයි. මොවුන්ට තව දුරටත් මෙවැනි ආකාරයට ආරක්ෂිතව, සුඛෝපභෝගීව ජීවත් වෙන්න අයිතියක් නැහැ. අපේ ජනතාව බඩගින්නේ ඉන්න නිසා. මේ පවුල්වාදී වල් පැල ටික, මේ පාදඩ දේශපාලනයේ වල් පැළ ටික, මේ රට මංකොල්ල කාපු, මේ ජාවාරම්කාරයින්ගේ පැල ටික ඉවත් කරලා, මේ රට නැවතත් මේ මාතෘභූමිය අපේ දෑතට, මේ රටේ ජනතාවගේ දෑතට ජනතා පරමාධිපත්‍යට අපි ගමු කියන පණිවිඩය අපි මේ අවස්ථාවේ ලබා දෙනවා.”

එමෙන්ම මෙම මාධ්‍ය හමුව සඳහා එක්වූ ජේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතාද පවතින අර්බුදය හමුවේ පැනනැගුනු විශ්වාසභංග යෝජනාව හා ඒ හා සම්බන්ධ කරුණු වල ඇති නෛතික ක්‍රියාවලිය හා ගැටලු පිළිබඳව පවසා සිටියේය.

“හතලිස් තුන සංවිධානය සේනාංකයක් හැටියට හා බුද්ධිමය සේනාංකයක් හැටියට, ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන්, නෛතික වශයෙන්, ව්‍යවස්ථාමය වශයෙන් සියලුම දැනුමෙන් යුතු සංවිධානයක් හැටියට අද මේ රට මුහුණ දෙන දීර්ඝකාලීන මෙන්ම කෙටිකාලීන අභියෝග සඳහා අපිට අපේම කියලා අදහසක් තිබෙනවා. ඒ වගේම අපි එය සමාජගත කරලා තියෙනවා.

අද ඓතිහාසික දවසක්. මේ ලංකාවේ ජනතාව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගන්න එය භාවිතා කරමින් ජන අරගලයක යෙදෙන මොහොතකයි අද අපි කතා කරන්නේ. අපි ඒ ජන අරගලයට සහභාගී වෙන සියලුම පුරවැසියන් අපි හිස නමා ආචාර කරනවා. ඒ වගේම ඔවුන් සහ අපි සියලු දෙනාම දරණ මතය, ඉලක්කය, සහ අභිලාෂය ඉතා හොඳින්, මැනවින් වටහාගෙන අපි අරමුණ කරා යෑමේ කැපවීම මේ අවස්ථාවේදී පළකර සිටිනවා. මේ අවස්ථාවේදී අපි රටක් හැටියට අපි ඉදිරියේ තියෙන්නේ ප්‍රශ්න තුනයි. එකක් මේ රටද, මේ දේශපාලන බලයද, එහෙම නැත්නම් මේ පවුලද, රැකගන්නේ කියලා.

හතළිස් තුන සේනාංකය හැටියට අපි ඉදිරිපත් කරන මතය සැමවිටම, රට බේරා ගැනීම, රට ආරක්ෂා කිරීම සහ රට ස්ථාවර කිරීම පිළිබඳ ප් රශ්නයයි. දේශපාලන අපි හැමවිටම දරන්නේ ද්විතීක ප් රවිෂ්ටයක්. දැන් ඒ අර්ථයෙන් ගත්තම මං හිතනවා අපි ඉදිරියේ පැහැදිලිවම අපි ඉදිරියේ තියෙන අභියෝගය නැවත නැවතත් විස්තර කරන්න දෙයක් නැහැ. නමුත් ඒ එක පැත්තක් තමයි කොහොමද රටක් හැටියට අපි දීර්ඝකාලීන ස්ථාවරත්වයක් ලබා ගන්නේ? සහ ඊට මෙපිටින් අන්තර් කාලීන ස්ථාවරත්වයක් අපි කොහොමද මේ රටට අත්කර දෙන්නේ කියන එක තමයි මං හිතන්නේ අරගලයේ යෙදෙන අයත් ඒ දේශපාලන සමාජයේ ඉන්න අපි වැනි කණ්ඩායම් අතරත් තියෙන සම්බන්ධතාවය සහ ඒ සම්බන්ධතාවය ගොඩනැගීමේ අවශ් යතාවය මතු කරන්න. අපි හිතනවා අපි විශ්වාස කරනවා අද ලංකාවට අන්තර් කාලීන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍යයි  කියලා. හැබැයි විවිධ දේශපාලන පක්ෂ කතා කරන විදිහට මේ අන්තර් කාලීන ස්ථාවරත්වය ගොඩනගන්නේ කෙසේ පිළිබඳව විවිධ මත තියෙනවා. විවිධ දේශපාලන බලවේග මත. චම්පික රණවක මහත්මයා මීට පෙරාතුව කිව්වා වගේම අන්තර්කාලීන පාලනයක්, අන්තර් කාලීන ස්ථාවරත්වය පළමු අවශ්‍යතාවයයි. අන්තර්කාලීන පාලනයක් ගොඩනඟන්නේ කෙසේද? එය එසේ කිරීමේදී අත් යවශ් ය වන දේශපාලනික කොන්දේසි, විපක්ෂයේ ප්‍රධාන බලධාරා දෙකකින්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ප්‍රධානම කොන්දේසිය තමයි කාලීන පාලනයක් පවත්වා ගත යුත්තේ රාජපක්ෂ පාලනයකින් තොරවයි. කියන ස්ථාවරය. එය අපි පිළිගන්නවා. ඊළඟට එය තවදුරටත් විදහා දක්වනවා නම්, එහි තුළ ජනාධිපති ගෝඨාභයගෙන් තොර අගමැති රාජපක්ෂගෙන් තොර අන්තර්කාලීන පාලනයක් පිළිබඳව කතා කරනවා. දැන් එහිදී හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි  ප්‍රති  උත්තරයක්. හැට නම ලක්ෂයක් බලයට දීලා තියෙනවා. ඒ හැටනම ලක්ෂය එක්ක තිබිච්ච ගිවිසුම අදටත් තියෙනවා. එහෙම නම් ජනාධිපති ගෝඨාභය අස්වෙන්නේ මොකටද? කැබිනට් මණ්ඩලය, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අස්වෙන්නේ මොකටද කියලා. ඉතින් ඒකට උත්තරේ අපි කියන්නේ, අද හැට නම ලක්ෂයේ සමාජ ගිවිසුම අවසන් වෙලා තියෙනවා. ඒ අවසන් වීම පිළිබඳව හොඳම උදාහරණය තමයි මහ පාරේ තියෙන ජන අරගලය. ඒ ජන අරගලය තුල මේ රාජපක්ෂවරුන්ගේ සුජාතභාවය නැති වෙලා තියෙනවා. ඒ සුජාත භාවය නැති නිසා තමයි ගෝඨාට ගෙදර යන්න කියන්නෙත් රාජපක්ෂ පවුල ගෙදර යන්න කියලා කියන්නෙත්. එහෙම නම් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ අපි හොයලා බලන්න වෙනවා මේ සම්බන්ධයෙන් අපට ගත හැකි පියවර.

එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඉතා සරලව ඉතාම සරලව ලිපියකින්, කිසිම කරදරයක් නැතුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිස් හත එක වගන්තිය යටතේ පුළුවන් තමන්ට තමන්ගේ වගකීම අත්හරින්න. ඒකට විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. කොළයක් තමන්ගේ දේශපාලන අධිෂ්ඨානය පමණයි අවශ් ය වෙන්නේ. තිස් හත එක වගන්තිය යටතේ අ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුනොත් අග් රාමාත් යවරයාට ඒ තනතුර ඉතිරි කාලය සඳහා දරන්න පුළුවන්. ඒක තමයි අන්තර්කාලීන කතාවේ ආරම්භය. ඒ වගේ මේ අන්තර්කාලීන වැඩපිළිවෙළ තුළ අත්‍යවශයැයි යැයි සිතන ප්‍රධානම දේ තමයි විසිවෙනි සංශෝධනය ඉවත් කිරීම. විසිවෙනි සංශෝධනය ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. විසිවෙනි සංශෝධනය ඉවත් කිරීමත් සමඟ අපිට අවශ්‍ය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ අහෝසි කිරීමේ හැකියාව තුලම දෙවෙනි විකල්පයක් හැටියට අපේ රටේ අපේ ජනතාවට හැකියාවක් පවතින ජනාධිපතිවරයාගේ බලතල පවා ඉවත් කරලා ඔහු නාමික ජනාධිපතිවරයෙක් බවට පත් කරන්න. ඉතින් ඒ දෙවෙනි විකල්පය තුන්වෙනි විකල්පය තමයි තිස් අට වෙනි වගන්තියේ තියෙන දෝෂාභියෝගය කියන එක. එය දීර්ඝ ක්‍රියාවලියක්.

ඒ සඳහා අපි ස්ථාවරයක් හැටියට අන්තර් පාලනයකට සහයෝගය දක්වනවා. ඒ නිසා සියලුම දේශපාලන බලවේගයන්ගෙන් අපි ඉල්ලනවා තමන්ගේ කොන්දේසි සාකච්ඡා මාර්ගයෙන් යම් යම් අඩු වැඩි කිරීම් සිදු කරගෙන මේ අවසාන ඉලක්කයට එකඟ වෙන්නේ කියලා. ඒක තමා අපේ බලාපොරොත්තුව. ඒක තමයි අපේ ප්‍රාර්ථනය.”

එමෙන්ම මෙහිදී ජේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ පසුගියදා 43 සේනාංකය ඇමරිකානු තානාපති කාර්යාලයට  පෙත්සමක් භාර දෙමින් රාජපක්ෂ වරුන්ගේ ඇමරිකානු ධනය පිළිබඳව සොයා ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත් දේශීය හා ලෝකවාසී ජනතාව ඔබ ආසන්නයේ තියෙන ඒ රාජපක්ෂවරුන්ගේ, රාජපක්ෂ ඥාතීන්ගේ, රාජපක්ෂ මිත්‍රවරුන්ගේ දේපළ පිළිබඳව තොරතුරු අපිට ලබාදෙන්න ලෙසත් ඒ දේපළ පිළිබඳව ඡායාරූප, ඒ දේපල සඳහා තියෙන ලිපි සහ ඒ සම්බන්ධයෙන් හිමිකම්  තොරතුරු ලබාදෙන ලෙසයි.

“මේ දේපළ අපෙන් කොල්ලකාගත්ත දේපල, නැවත ශ්‍රී ලංකික ජනතාවට ලබාදීමේ ක්‍රියාවලිය මහත් පිටුවහලක් වෙනවයි කියලා අපි විශ්වාස කරනවා.”

ඉන් අනතුරුව පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පිළිතුරු ලබාදෙන ලදී.

මාධ්‍යවේදිය –

හිටපු ඇමතිතුමනි,  විපක්ෂය මේ මොහොතේ පාර්ලිමේන්තුවට ගේන්න හදනවා විශ්වාසභංගයක් හා දෝෂාභියෝගයක්. ආණ්ඩුව පැත්තෙන් මතුවෙනවා චෝදනාවක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වගේ තැන්වලින්  රටට ලැබෙන්න තියෙන සහනය මේ නිසා අවුල් වෙයි. ඒක නොලැබී යයි කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ අදහස කොහොමද?

චම්පික රණවක මහතා –

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියලා  විපක්ෂයත් අනෙකුත් දන්න කියන සියලු දෙනා මේ අර්බුදය ගැන ආණ්ඩුවට කියලා තියෙන්නේ බොහෝ කලක පෙර සිට. ඇත්තටම මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඒ වැඩපිළිවෙළ ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබුනේ. ඒක ආරම්භ වුණේ දෙදාස් දාහතේ ජූනි මාසේ. ඒක අවසන් වෙන්න තිබුණේ දෙදාස් විස්සේ ජූනි මාසේ. ඉතින් ඇත්තටම ඒ පැවතිච්ච ආර්ථික තත්වය ගැන විධිමත් මුල්‍ය අධ්‍යනයක් කළා නම්  රජය කළ යුතුව තිබුණේ ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාවලිය ඉදිරියටත් ගෙනියන්න. නමුත් ඒක හිතුවක්කාරී විදිහට කටයුතු කරලා විශේෂයෙන්ම අපිට මතකයි හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ඒ වගේම අජිත් නිවාඩ් කබ්රාල්  මේ වගේ අය අපි අයි. එම්. එෆ් යන්නේ නැහැ කියන දැඩි නිලධාරී ස්ථාවරයක් ඉදිරිපත් කළා වගේම ආණ්ඩුවේ මැති ඇමතිලා තුළිනුත් ඒක ඉදිරිපත් කළා. ඉතින් දැන් ආණ්ඩුව එකට යන්න යන්නේ බොහෝ පමා වෙලා. එහෙම මුල්‍ය අරමුදලට ගියත් තව මාස හයත් අටත් අතර කාලයක් යනවා මේ තත්වයට ඇතුල් වෙන්න. ඉතින් එතකන් මේ රටේ ජනතාවට ලයිට් නැතුව, වතුර නැතුව, කන්න නැතුව, බේත් නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දේශපාලන අරගලයට පිවිසිලා තියෙනවා. ඒක කිසිසේත්ම ජාත්‍යන්තර අරමුදලට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට උදව් කරනවා මිසක් ආණ්ඩුවකට, විපක්ෂයකට උදව් කරන ක්‍රියාවලියක නෙවෙයි තියෙන්නේ. නමුත් දැන් තියෙන අලුත්ම තත්වය තමයි,මුල්‍ය අරමුදලට යන්න කලින් වැඩපිළිවෙලක් රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ පූර්ව වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන මහජන සහයෝගය මේ අවස්ථාවේ නැති නිසා, ඒ පූර්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීමත් මේ අන්තර් කාලීන, පාලනයට තිබෙනවා. හැබැයි ඒ කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව අවම එකඟතාවය හදාගෙන, ඒක ජනතාවට දැනුවත් කරලා, එකඟතාවයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහ අනෙකුත් පුද්ගලික අංශයේ අයගෙත් එකඟතාවයෙන් එය සිදුකළ යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය.”

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka