ප්‍රියන්ත කුමාර ඝාතනයට සයදෙනෙකුට මරණ දඬුවම
පසුගිය දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කොට් හිදී සිදුවූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් සය දෙනෙකුට අද (18) දිනයේදී මරණ දඬුවම හිමිවිය.
ලාහෝර් හි ත්‍රස්ත විරෝධ අධිකරණයක් විසින් තවත් පුද්ගලයන් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්ද නියම විය.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තවත් බාල වයස්කාර සැකකරුවන් නවදෙනෙකුගේ නඩුවිභාගය තවමත් පැවැත්වේ.
ප්‍රියන්ත කුමාර මහතා ගේ ඝාතන නඩු විභාගය නතාෂා නසීම් විනිසුරුවරිය යටතේ විභාග වූ අතර එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙක්ගෙන් ප්‍රකාශ,සී.සී.ටී.වී කැමරා 10 ක දර්ශන, චුදිතයන් 55 දෙනෙකු ගේ ජංගම කැමරා වල ගබඩා වී ඇති දර්ශන අධිකරණය විසින් ලබා ගෙන ඇත.
ප්‍රියන්ත කුමාර ඝාතනයට සයදෙනෙකුට මරණ දඬුවම
2022-04-19T01:40:00+05:30
Gossip Lanka Hot News






