gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ මාධ්‍ය හමුවක්! අවලස්සන ඇමෙරිකානුවා විසින් ජනාධිපති හයිජැක් කරලා - විමල් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක (VIDEO)

අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම එහිදී පැවසීය.

ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත‍්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.

එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා

මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා.

ඇමෙරිිකානුවෙක් විසන් ශ්‍රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා.

මම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙන් ඒ කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළ කරනවා. මේ රට 1997 ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න යන්න හදනවා.

අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ්‍ අපිි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka