වාහන ගෙන්වීම නතරකර තිබියදී වාහන 22,000ක් ගෙන්නුවේ කවුද?
මෝටර් වාහන ආනයනය සීමා කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
රජය වාහන ගෙන්වීම සීමා කළත් ගිය වසරේ පළමු මාස අටක කාලයේ වාහන 26,953ක් ආනයනය කර ඇති අතර එම කාලයේ වාහන 22779ක් ලියාපදිංචි කර තිබු බව ද මුදල් අමාත්‍යංශය මැතක දී නිකුත් කරන ලද වාර්තාවක සඳහන්ව තිබේ.
මෙම කාලය තුළ මෝටර් රථ 72ක් බස් රථ 4ක් ත්‍රිරේද රථ 2002ක් යතුරු පැදි 1110ක් ලොරි රථ ඇතුළු භාණ්ඩ ප්‍රවාහන රථ 1744ක් ඉඩම් වාහන 12877ක්, ද්විත්ව කාර්ය වාහන 9144ක් ආනයනය කරන ලද බව එම වාර්තාවේ සඳහන් කර ඇත.
වාහන ගෙන්වීම නතරකර තිබියදී වාහන 22,000ක් ගෙන්නුවේ කවුද?
2022-03-07T13:14:00+05:30
Gossip Lanka Hot News




