gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

''පෝලිම්වල සිදුවන මරණවලට මුදල් ඇමති වග කිව යුතු යි'' - උදය ගම්මන්පිල

ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මෙන් ම ඖෂධ නොමැතිව සිදුවන මරණවලට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වගකිවයුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා නිසි කලට ගත යුතු තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාවට මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

"අපි කිව්වා IMF යන්න දැන් නෙවෙයි කිව්වේ අවුරුදු 1 1/2කට කලින් රුපියල පා කරන්න නැත්නම් රට අපායක් බවට පත් වෙනවා කියලා. එදා ඒ තීන්දු ගත්ත නම් අද කාටවත් ගෑස් පෝලිමේ ඉන්ධන පෝලිමේ ඉන්න වෙන්නේ නැහැ. අද වන විට පෝලිම්වල ඉඳලා අපේ වැඩිහිටියන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ම හෘද රෝගවලට සහ පිළිකා රෝගවලට බෙහෙත් නැතුව අපේ රටේ දෙමව්පියන් මිය යමින් තිබෙනවා. මේ සියලු ම මරණවල නිසි කලට නිසි තීන්දු නොගෙන බලා සිටිය මුදල් ඇමතිවරයා භාර ගත යුතුයි."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka