gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

'අපිට සමාවෙන්න...රට ඉවරයි...ආටෝප දාගෙන ආපු විරුවා රට විනාශ කළා' - සුසිල් යළිත් කරළියට (VIDEO)

මාධ්‍ය මගින් පුම්බනු ලැබූ විරුවා මේ වන විට රටම විනාශය කරා ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ උගතුන් බුද්ධිමතුන් සහ වියතුන් හෑල්ලුවට ලක් කළ මෙවැනි යුගයක් මෙරට ඉතිහාසයේ අන් කවරදාකවත් නොතිබූ බවයි.

ඒ සඳහා ජනාධිපතිවරයා ඍජුව වගකිව යුතු බවට ද ඔහු චෝදනා කරනවා.

මෙවැනි ආකාරයෙන් සමස්ත බල කේන්ද්‍රය පවුලක් වටා ගොනු වූ වෙනත් අවස්ථාවක් පිළිබඳ තමා නොදන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද වන විට බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව පෙන්වාදෙන සුසිල් ප්‍රේමජයන්ත මහතා එවැනි පාලනයක් නිර්මාණය වීම සඳහා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බවද සදහන් කළා.

සිදු වූ වරද නිවැරදි කිරීමට කළ හැකි සියලුම කැපවීම් සිදුකරන බවද පවසන සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉන්පසු දේශපාලන සමුගැනීමට සූදානම් බවද සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka