gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්ධය අස්සේම යුක්රේන ජනපති ඊයේ හදිසි ලියුමකට අස්සන දමයි! වැඩේ හරියයිද?

රුසියානු ප්‍රහාර හමුවේ සිය රට වහාම යුරෝපා සංගමයට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක් කරමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි විසින් සදුඳා පස්වරුවේ නිල අයදුම්පතක් අත්සන් කර ඇත.

යුරෝපා සංගමයට සම්බන්ධ වීම මගින් රුසියානු ප්‍රහාරයන්ට එරෙහිව වඩා හොඳ දේශපාලනික, මූල්‍යමය හා හමුදාමය ශක්තියක් ලබාගත හැකි බව විශ්වාස කරමින් යුක්රේන ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

රුසියානු හමුදා ආක්‍රමණයෙන් ආරක්ෂා වීමට විශේෂ ක්‍රියාපටිපාටියක් යටතේ යුක්රේනය යුරෝපා සංගමය බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කළද යුරෝපා සංගමයේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ එලෙස රටවල් තම සංගමයට බඳවා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් නොමැති බවයි.

කොමිසමේ ප්‍රධානී Ursula von der Leyen වැඩි දුරටත් අවධාරණය කළේ ඔවුන් අපගෙන් කෙනෙකු වීම අපට අවශ්‍ය නමුත් ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

යුරෝපා සංගමය යනු යුරෝපා රටවල් 27 න් සමන්විත ලොව බලවත් කලාපීය සංවිධානයක් වන අතර එහි නියෝජිත සම්පූර්ණ ජනගහනය මිලියන 447කි.

බෙල්ජියම මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන යුරෝපා සංගමයේ ප්‍රධාන අරමුණ සමාජික රටවල් අතර දේශපාලනික හා ආර්ථික සහයෝගීතාවය වේ.

2020 වසර දක්වා බ්‍රිතාන්‍යය ද යුරෝපා සංගමය නියෝජනය කළ අතර එම වසරේදී ඔවුන් එම සංගමයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන ලදී.

රටක් යුරෝපා සංගමයට සම්බන්ධ වීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා සියළුම සාමාජික රටවල කැමැත්ත හිමිවීම අත්‍යවශ්‍ය වේ.

මේ වන විටත් අළුතින් රටවල් සම්බන්ධ කර ගැනීම පිලිබඳව සාමාජික රටවල් අතර මතභේද පවතින බව යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.

යුරෝපා සංගමය සම්බන්ධ වීමේ ප්‍රධාන කොන්දේසි අතර සාමාජික රටේ මුදල් ඒකකය යුරෝ බවට පත් කිරීමට එකඟ විය යුතු බව ඔවුන් සඳහන් කර ඇත.

මේ වනවිටත් තුර්කිය, සර්බියාව, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ ඇල්බේනියාව යන රටවල් පහ යුරෝපිය සංගමයට එක්වීමේ බලාපොරොත්තුවෙන් අයදුම්පත් යොමුකර තිබුණද ඒවා වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවති.

මේ සියළු කරුණු සලකා බලන විට ඉතා ඉක්මනින් යුරෝපි සංගමයේ සාමාජිකයෙක් වීමේ යුක්රේන ජනාධිපතිවරයාගේ බලාපොරොත්තු බිඳවැටෙනු ඇත.

තිලාන් ජයසේකර -බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka