gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම අත්හිටවූ පුවත ඉන්දීය විදේශ ඇමතිගේ අවදානයට!

පේරාදෙණිය රෝහලේ දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කර සිටිනවා.

සිදුකරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු වූ බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජේ. ජයිශංකර්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබෙනවා. 

ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ ඇමතිවරයා මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බවත් එබැවින් අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාවට මේ සම්බන්ධයෙන් උපකාර කළ හැකි ආකාරය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවට එහි සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජා කර ඇති බවත් එහිදී අඛණ්ඩව ශල්‍යකර්ම සිදුකරගෙන යාමට අවශ්‍ය සහය ලබාදීමට පොරොන්දුවී ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka