හාමතේ ඉන්දියාවට පලා ගිය උතුරේ 23 දෙනාට අධිකරණ නියෝගයකින් සරණාගත භාවය ලැබෙයි!
උතුරේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ පුද්ගලයින් 23 දෙනාටම ඉන්දියාවේ තමිල්නාඩු මණ්ඩපම් සරණාගත කදවුරේ රඳවා ඔවුන්ට සරණාගතයින්ට ලබෙන පහසුකම් සලසා දෙන ලෙස රාමේස්වරන් මහේස්ත්‍රාත් විජේ ආනන්දන් ඊයේ (23 ) ඉන්දීය බලධාරීන්ට නියෝග කොට තිබේ.
අවස්ථා කීපයකදී කණ්ඩායම් වශයෙන් ඉන්දියාවට පලාගිය මේ පිරිස ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන්ව රාමේස්වරන් අධිකරණය වෙත යොමු කොට තිබුණි.
මෙසේ ඉන්දියාවට පලාගොස් තිබුණේ කිළිනොච්චිය මන්නාරම හා වවුනියාව යන ප්‍රදේශ වලිනි.
ජීවත් වීමට ස්ථිර ආඅදායම් මාර්ගයක් නොමැති බව කියමින් ඔවුන් කණකර උකස් කොට ලබා ගත් මුදල් ධීවර බෝට්ටුවලට ගෙවා උතුරේ සිට ඉන්දියාවට පලා ගොස් තිබේ.
-දිනසේන රතුගමගේ
හාමතේ ඉන්දියාවට පලා ගිය උතුරේ 23 දෙනාට අධිකරණ නියෝගයකින් සරණාගත භාවය ලැබෙයි!
2022-03-24T09:54:00+05:30
Gossip Lanka Hot News






