ඔක්කොම පිනට කාලා බීලා සැපට ඉන්න මැතිඇමැතිවරු ලක්ෂ 160ක වතුර බිල් ගෙවලත් නෑ! දැනටමත් 20ක් මැරිලා!
දැනට ධූරයේ කටයුතු කරන සහ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 16 කට අධික බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන් 20 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ ජල බිල්පත් ගෙවීමේ වගකීම පැවරෙන්නේ ඒ ඒ අමාත්‍යාංශයන්ට වන බැවින් අදාළ අමාත්‍යාංශයෙන්ගෙන් හිඟ ජල බිල්පත්වල ගාස්තු අයකර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඔක්කොම පිනට කාලා බීලා සැපට ඉන්න මැතිඇමැතිවරු ලක්ෂ 160ක වතුර බිල් ගෙවලත් නෑ! දැනටමත් 20ක් මැරිලා!
2022-03-27T08:13:00+05:30
Gossip Lanka Hot News






