ජනපති-මහභාණ්ඩාගාර නියෝගවලට පයින් ගසා වරායට 400ක් බඳවාගන්න හොරරහසේම වැඩ! වරාය ඇතුළේ සම්මුඛ පරීක්ෂණත් තියලා! 150ක් දකුණේ ප්‍රබලයකුට!
රට තුළ දැනට මතුව ඇති උග්‍ර ආර්ථික අර්බූදය හේතුවෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශය සහ මහාභාණ්ඩාගාරය විසින් කිසිදු හේතුවක් මත රාජ්‍ය සේවයට බදවාගැනීම් නොකළ යුතු බවට දැනුම් දී තිබියදීත් වරායේ රැකියා සදහා 400 දෙනකු පත්කිරීමට ඉතා රහසිගතව වැඩකටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
පසුගිය සතියේ මීට අදාළ සම්මුඛ පරීක්ෂණ වරාය පරිශ්‍රයේ ඇති කෞතුකාගාරය තුළ පැවැත්වී ඇති අතර ඊට සහභාගී වූ සියලු දෙනාට මෙම සිදුවීම රහසිගතව තබා ගන්නා ලෙසට දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.
මෙම රැකියා 400න් 150ක් දකුණේ ප්‍රබල තරුණ දේශපාලඥයකුට ලබා දීමට නියමිත අතර තවත් 100ක් ඇමැතිවරුන් කිහිප දෙනකුගේ හිතවතුන්ටත්, ඉතිරි 150 කලුතර දිස්ත්‍රික්කයේ දේශපාලන හිතවතුන්ටත් ලබා දීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
ජනපති-මහභාණ්ඩාගාර නියෝගවලට පයින් ගසා වරායට 400ක් බඳවාගන්න හොරරහසේම වැඩ! වරාය ඇතුළේ සම්මුඛ පරීක්ෂණත් තියලා! 150ක් දකුණේ ප්‍රබලයකුට!
2022-03-18T11:26:00+05:30
Gossip Lanka Hot News





