ඉන්ධන පිරවුම් හල් අසලින් යන විට ජනතාව පහර දේවි යැයි තමන්ට බිය සිතෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
‘ඉන්ධන ප‍්‍රශ්ණය අද මුළු ශ්‍රී ලංකාවටම බලපා තියෙනවා. ඉන්ධන පිරවුම්හල ලගින් යනකොට මම මූණ වහගන්නවා. කවුරු හරි ගහයි කියලා මම ඩ‍්‍රයිවර්ට කියනවා ඉක්මනට යමු කියලා. එවැනි තත්වයක් ඇති වෙලා තියෙන්නේ.
ජනතාවට මේ ආණ්ඩුව තිත්ත වෙලා තමයි තියෙන්නේ. මමත් වසර 12ක් දේශපාලන කරලා ඉතුරු වුණේ කලකිරීම විතරයි’ යයිද මධ්‍ය වෙත ඇය අදහස් පල කලාය.
