gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කරමින් චක්‍රලේකයක්.. ඊට පටහැනිව කටයුතු කරන සේවකයන් සේවය අත්හිටුවයි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස සතොස ශාඛා කලමණාකරුවන්ට සතොස නියෝජ්‍ය සමාන්‍යාධිකාරි මෙහෙයුම් විසින්  චක්‍රලේකණක් නිකුත් කර ඇත.

ඒ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු 110  මිලකට සහ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදිමට පියවර ගෙන ඇත.

සිනි කිලෝවක් රු 160 මිලකටත්, පරිප්පු කිලෝවක් රු 360 මිලකටත් සතොස ශාඛාවල අලෙවි කරන අතර , පාරිභෝගිකයන්ට සිනි කිලෝවක් සහ රතු පරිප්පු ග්‍රැම් 500 ලබාදෙන ලෙසයි පාලන අධිකාරිය උපදෙස් ලබා දි ඇත්තේ.

එම ආහාර ද්‍රව්‍ය පමණක් පාරිභෝගිකයන්ට නිකුත් කල නොහැකි අතර එම ආහාර ද්‍රව්‍ය වලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිල දි ගතහොත් පමණක් ඉහත සදහන් සිමා කර ඇති ආහාර ද්‍රව්‍ය බිල්පත් කල යුතු බවට එම චක්‍රලේකණයේ සදහන් කර ඇත.

එම චක්‍රලේකණයට පටහැනිව කටයුතු කරන සතොස ශාඛා සේවකයන්ට සේවය අත්හිටුවා  විනය පරික්ෂණයක් පවත්වන බවද එම චක්‍රලේකණයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

එසේ චක්‍රලේකණ නිකුත් කලද සතොස ශාඛාවල තිරිගු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට නොමැති බව පාරිභෝගිකයන් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka