මේ වනවිට ජනතාව ප්‍රශ්න ගොඩක සිරවී සිටින බවත්, වහාම ආණ්ඩුව ඊට මැදිහත්ව විසඳුම් ලබා දිය යුතු බවත් ආණ්ඩුවේ පසුපෙළ ප්‍රධානියකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාව මේ වන විට අත්‍යවශ්‍ය සේවාවන් වූ ගෑස්-ඉන්ධන-කිරිපිටි ලබා ගැනීම සදහා පෝලිම්වල සිටින බවත්, එම අවශ්‍යතා කඩිනමින් පියවීම ආණ්ඩුවේ වගකීම බවත්ය.
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පවා ආණ්ඩුව විවේචනය කරද්දී පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුව ආරක්ෂා කළ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කන් දිය යුතු බව ද කියා සිටියේය.
යම් හෙයකින් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි නම් ඒ බවත් තම කණ්ඩායමට කියා සිටිය යුතු බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ පසුපෙළ සිටින්නේ ප්‍රශස්ති ගායන කිරීමට පමණක්ම නොවන බවද කියා සිටියේය.
එමෙන්ම සමාවට කරුණු අනවශ්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
