මිනිස්සු ප්‍රශ්න ගොඩක... වහාම විසඳුම් දෙන්න... කරන්න බැරි නම් ඒකත් කියන්න - ආණ්ඩුවේ පසුපෙළින් ආණ්ඩුවටම දැනුම් දීමක්!
මේ වනවිට ජනතාව ප්‍රශ්න ගොඩක සිරවී සිටින බවත්, වහාම ආණ්ඩුව ඊට මැදිහත්ව විසඳුම් ලබා දිය යුතු බවත් ආණ්ඩුවේ පසුපෙළ ප්‍රධානියකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාව මේ වන විට අත්‍යවශ්‍ය සේවාවන් වූ ගෑස්-ඉන්ධන-කිරිපිටි ලබා ගැනීම සදහා පෝලිම්වල සිටින බවත්, එම අවශ්‍යතා කඩිනමින් පියවීම ආණ්ඩුවේ වගකීම බවත්ය.
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පවා ආණ්ඩුව විවේචනය කරද්දී පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුව ආරක්ෂා කළ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කන් දිය යුතු බව ද කියා සිටියේය.
යම් හෙයකින් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි නම් ඒ බවත් තම කණ්ඩායමට කියා සිටිය යුතු බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ පසුපෙළ සිටින්නේ ප්‍රශස්ති ගායන කිරීමට පමණක්ම නොවන බවද කියා සිටියේය.
එමෙන්ම සමාවට කරුණු අනවශ්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මිනිස්සු ප්‍රශ්න ගොඩක... වහාම විසඳුම් දෙන්න... කරන්න බැරි නම් ඒකත් කියන්න - ආණ්ඩුවේ පසුපෙළින් ආණ්ඩුවටම දැනුම් දීමක්!
2022-03-18T17:16:00+05:30
Gossip Lanka Hot News





