ජාතික ආර්ථික සභාවට සහය වීම සඳහා පත් කළ උපදේශක කමිටුවේ සභාපති ධම්මික පෙරේරා මහතාගේ සහෝදරයින් දෙදෙනෙකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියමිත රුපියල් මිලියන 575 ක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ බව 24/07/2020 දිනට පසුව දිනකදී කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා තිබේ.
අංක 34, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයේ ඇති බැලේස් පුද්ගලික සමාගමේ (බැලේස් ක්ලබ්) හි අධ්‍යක්ෂ වරුන් ලෙස කටයුතු කරනු ලබන ධම්මික පෙරේරා මහතාගේ සහෝදරයින් වන කුරුප්පුආරච්චිගේ දොන් අනුරාධ පෙරේරා මහතා හා කුරුප්පුආරච්චිගේ දොන් හරින්ද්‍ර පෙරේරා යන දෙනෙනා විසින් මෙසේ බදු ගෙවීම් පැහැර හැර තිබේ.
ජීඑල් - 2078 ලිපිගොනුවේ කරුණු අනුව අදාළ නීතිමය කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ කැසිනෝ ව්‍යාපාරයේ හිමිකරුවන්නේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය.
මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අප ඉදිරියෙදී හෙළිකරන්නෙමු.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ රංජිත් විතානගේ මහතා ද මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ විමසා තිබිණි.
