gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිටරට භාවිත කළ පොල්තෙල් ලංකාවේ! ඉතා සූක්ෂම ජාවාරමක සුලමුල හෙළිවෙයි - මිලත් ඉහළට!

ඉන්ධන හිඟය දඩමීමා කරගෙන ඉතා සූක්ෂම ලෙස දේශීය හා විදේශීය පොල්තෙල් හිඟයක් රට තුළ මවාපාමින් එහි මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බව වෙළෙඳ ප්‍රජාව පෙන්වා දෙනවා.

උත්සව සමය ආරම්භ වීමත් සමග මෙම පොල්තෙල් හිඟය රට තුළ මවාපෑම් වසර ගණනාවක් සිට සිදුකරගෙන එන බවත් එහෙත් කිසිදු පොල්තෙල් හිගයක් රට තුළ නොමැති බවද දේශීය කර්මාන්තකරුවන් රටට අවශ්‍ය පොල්තෙල් තෙල් නිෂ්පාදනය කොට ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය කියා සිටියා.

විදේශීය රටවලින් ගෙන්වා මෙරට තුලදී පිරිපහදු කරන පොල්තෙල් කිලෝ කිලෝවක තොග මිල රුපියල් හයසිය අසූවක් හත්සීයක් දක්වා ඉහළ දමා තිබෙන බවත් අවශ්‍ය පරිදි ඉල්ලුම් සඳහා පොල් තෙල් ලබා නොදීම නිසා රටපුරා පොල්තෙල් හිඟයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බව වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.

පොල්තෙල් හිඟය නිර්මාණයක්

දඹුල්ල නගරයේ තොග වෙළදාම් කරන ස්ථාන කීපයකට ගොස් ඒෂියන් මිරර් වාර්තාකරු කළ විමසීමේ දී එහි වෙළඳුන් කියා සිටියේ දේශීය මෙන්ම විදේශීය පොල් තෙල් සඳහා විශාල ඉල්ලුමක් මේ දිනවල පැවතුනද අලෙවි කිරීම සඳහා පොල්තෙල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

මේ වන විට වෙළඳපොල තුළ පොල් තෙල් ලීටරයක් රුපියල් 660 ත් 700 ත් අතර මිලකට අලෙවි වන බව ද මීට පෙර පොල්තෙල් ලීටරය කිලෝවක් ලීටරයක් රුපියල් 600 ත් 550 ත් අතර මිලකට අලෙවි වූ බවත් මහා පරිමාණයෙන් මෙරටට තෙල් ගෙන්වන සමාගම් කීපයක් විසින් මෙම හිගය ඇති කර තිබෙන බවද වෙළෙන්දෝ අවධාරණය කරනවා.

මෙම පොල්තෙල් හිඟය පිළිබඳ වෙළෙන්දන් එසේ පවසද්දී පාරිභෝගික ජනතාව කියා සිටියේ ඉතා සූක්ෂම ලෙස මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ හිඟයක් මවාපාමින් මෙයාකාරයෙන් මිල වැඩි කර ගැනීමේ කූට උපක්‍රමයක් පවතින බවයි.

කවලම් පොල්තෙල්

පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසීමේදී කියා සිටියේ රටවලින් ගෙන්වන මෙරට පිරිපහදු කොට නැවත දේශීය පොල්තෙල් වලට කලවම් කොට අලෙවි කිරීමේ ජාවාරමක දුරටත් කණ්ඩායම්ක් විසින් සිදුකරන බවයි.

ඒ සඳහා රජය අවධානය යොමු කළ ද කිසිදු ඵපලක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම දේශීය කර්මාන්තකරුවන් වසර ගණනාවකට පසුව තම නිෂ්පාදන රටටම අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කොට තිබෙන බවත් ඒ සඳහා වෙළෙඳ පොළක් අහිමි කරමින් දේශීය පොල්තෙල් කර්මාන්තය විනාශ කිරීමේ යළි පණගැන්වෙන ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද බුද්ධික ද සිල්වා මහතා කියා සිටියා.

විදේශ රටවල් ඉවත්කරන එක්වරක් පමණක් පාවිච්චි කරගෙන ඇති තෙල් වර්ග මෙරටට නැව් මඟින් ගෙන්වා ඒවා පිරිපහදු කරමින් නැවත දේශීය පොල්තෙල් සමඟ කලවම් කොට දේශීය නැවුම් පොල්තෙල් බව ජනතාව රවටා අලෙවි කිරීම් නිසා මහජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා තිබෙන බවද බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළා.

පැය විසි විසිහතරක් ඇතුළත දිවයිනේ ඕනෑම තැන්කට දේශීය පොල්තෙල් ලබා දීමට තම නිෂ්පාදකයන් කැමැත්තෙන් සිටින බව පැවසූ ඒ මහතා රජය ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව ද වැඩිදුරටත් කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka