‘වැඩ බැරිනම් ගෙදර යන්න..’ ජනාධිපතිගේ මිරිහාන නිවස වටලා විරෝධතා.. හිරුණිකාගේ නිවසත් පිරිසක් වටලති… (video)
නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට කාන්තාවන් පිරිසක් අද පස්වරුවේ විරෝධතාවයක් සිදු කරන ලදී.
සමගි ජන බලවේගයට සහයෝගය ලබා දෙන කාන්තාවන් පිරිසක් විසින් සිදුකළ මෙම විරෝධතාවට නායකත්වය දනෙ ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසිනි.
ඉන්ධන, ගෑස් හා අතවශ්‍ය භාණ්ඩ මිල අඩු ලෙස ඉල්ලා සිටි ඔවුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසද පැවසූහ.
මෙම විරෝධතාවය අවසන් වන විට තම නිවස ඉදිරියේ ආණ්ඩුවේ දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් වටලා ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
තමන් නිවසට, දූ දරුවන්ට කිසිදු හානියක් සිදු වුවහොත් එහි වගකීම වත්මන් ආණ්ඩුවට පැහැදිලිවම එල්ල කරන බවත් තමන් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවත් ඇය පැවසුවාය.
‘වැඩ බැරිනම් ගෙදර යන්න..’ ජනාධිපතිගේ මිරිහාන නිවස වටලා විරෝධතා.. හිරුණිකාගේ නිවසත් පිරිසක් වටලති… (video)
2022-03-05T23:52:00+05:30
Gossip Lanka Hot News





