gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගෙන් කබ්රාල්ට සැර කතාවක් - ජනපති රනිල්ගෙන් සමාව ඉල්ලයි (VIDEO)

තමා සර්වපාක්ෂික සමුළුවට සහභාගි වූයේ රටේ ඇතිව තිබෙන උග්‍ර ගැටලු වලට විසදුමක් සොයා ගැනීමට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනි වූ රනිල් වික්‍රමසිංහ මහතා,

"මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා. පරණ යාළුකමටවත් එන්න කියලා. මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතැනට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතැනදි අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කනගාටු වෙනවා. එතුමා පටන් ගත්තෙම ගියා ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුරු දුන්නොත් එතකොට මොකක්ද වෙන්නේ. ඊළඟට පිළිතුරු දෙනවා ද? අන්තිමට ඉවර වෙන්නෙ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් ඒ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතැනට යන්නේ? මම මේ ගැන කියන්නේ එක කාරණාවක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. අපි මෙතැනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිත්. මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කරගන්න. අපි මේවයෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු."

එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට මෙලෙස පවසා සිටියා.

"ඔබ තුමාගේ හිත රිදුනා නම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා එක දැක්වූයේ. එහෙම නැතිව කිසි කිසිකෙනෙකුට චෝදනා නගන්නට නෙමෙයි. අවංකව ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හොයන්නට සෑම කෙනෙකුගේ ම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka