gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩොලරයක් 240 වේවි…- කබ්රාල්

ඩොලරයේ වටිනාකම නිදහසේ තීරණය වීමට ඉඩ හැරිය හොත් එහි වටිනාකම රුපියල් දෙසිය හතළිහක් පමණ විය හැකි බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. ඒ සමගම ශ‍්‍රී ලංකාව ගෙවීමට ඇති විදේශ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1400කින් පමණ ඉහළ යනු ඇති බව ද හෙතෙම පැවසීය.
ඊට අමතරව පොලී අනුපාතිකයන් ද ඉහළ යනු ඇතැයි ද පැවසූ ඔහු ඔහු රජය විසින් නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ද තවත් රුපියල් බිලියන 400 කින් පමණ වැඩිවන බවද පැවසීය.

මෙම තත්වය ගැන අවබෝධයෙන් කටයුතු කරන බවද පැවසූ ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ආර්ථික සහාය ලබා ගන්නේ නම් විනිමය අනුපාතික නිදහසේ තීරණය කිරීම, බදු ඉහල දැමීම, දිරිදීමනා කපා හැරීම වැනි කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවද කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka