gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පාස්කු ප්‍රහාරකයන් රකිනවාදැයි සැකයි – ඇමති සනත් නිශාන්ත

රජය පාර්ශවයෙන් පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ආරක්ෂා කරන්නේදැයි යන්න සම්බන්ධයෙන් කතෝලිකයකු හැටියට තමන්ගේ හෘද සාක්ෂිය පවසන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

ඒ, මහකුඹුක්කඩවල ගම්මාන කිපයක් ආවරණය වන ආකාරයට ලක්ෂ 43 ක මුදලක් වැය කරමින් ඉදිකළ විදුලි අලි වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු රාජ්‍ය මාත්‍යවරයා,

“පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කළා කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, එදා හිටපු පොලිස්පතිතුමා අද ඉන්නේ හිර ගෙදර නම්, එදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුණේ නැත්නම්, සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක් වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂියත් කතා කරනවා.

ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්,අ පේ නායකයෝ දෙදෙනාත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න උවමනායි”

මෙම අවස්ථාවට එක්වු කාදිනල් මැල්කම් රංජීත් හිමිපානන්,

“මේ ප්‍රශ්ණය අපි ඇති කරපු දෙයක් නොවෙයි. වෙන කවුරු හරි කරපු දෙයක්.මේ පිළිබදව ජනාධිපති කොමිසමේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එදා රටේ හිටපු නායකයින් මේ සඳහා පැහැදිලිවම වගකිව යුතුයි කියලා.ඒ වාගේම දැන දැනත් එය වළක්වන්න කටයුතු කළේ නැහැ කියලා.

ඒ අයගේ ලයිස්තුවක් දාලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාගෙන් පටන් අරන් පොලිස් නිළධාරියා දක්වා පැහැදිලිව. අපි ඉල්ලන්නේ කරන්න බැරි දෙවල් නොවෙයි කරන්න පුළුවන් දේවල්.

හිටපු ජනාධිපති පැහැදිලිවම මේ ප්‍රහාරයට වගකිව යුතු බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා ඒ නිසා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඉල්ලන්නේ පැහැදිලිවම. තමන්ට විතරක් වාසි වන විදිහට නොවෙයි. එක පැත්තක් විතරක් කථා කරලා අනිත් පැත්ත කථා නොකර ඉදිම වැරදියි.”

-news19


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka